×

කිම්ගේ පාරේ යමින් අදට යෙදෙන ඇමරිකානු නිදහස සමරණ ට්‍රම්ප්

මීට ඉහතදී ජනපතිවරුන්ට වඩා ට්‍රම්ප් විසින් වෙනස්ම ආකාරයට නිදහස සැමරීම පිළිබදව ඇමරිකානුවන් සිය විරෝධය පළ කරමින් සිටී


ජූලි 4 වන දිනට යෙදෙන ඇමරිකානු නිදහස් දිනය මෙතෙක් ඇමරිකානුවන් සැමරූ ආකාරයට වඩා වෙනස් අයුරින් සමරන්නට ජනපති ට්‍රම්ප් සූදානමින් සිටී.

පසු ගිය දින කිහිපයේ ඇමරිකානු ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ වීදි දිගේ යුධ ටැංකි හෝ වෙනත් ආරක්ෂ උපකරන රැගත් වාහන දුටුවහෝත් බිය නොවන ලෙසයි.

උතුරු කොරියාව සිය ජාතික දිනය සමරන්නේ තමන් සතු සියළු ආරක්ෂක ශක්තිය ලෝකයට පෙන්වමිනි. මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාද කිම්ගේ මග යමින් ඇමරිකානු නිදහස සමරන්නට සූදානමින් සිටී.

මේ සදහා වැය වන වියදම පියවා ගන්නට විවිධ සේවාවන් සදහා මිල ගනන් දැනටම වැඩි කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්ථා කරයි . එරට ජාතික උද්‍යාන වලට මෙතෙක් අය කළ ගාස්තුව නිදහස් සැමරුමේ වියදම පියවා ගැනීම සදහා ඉහළ දමා ඇත.

ට්‍රම්ප් නිදහස් සැමරුම පිළිබදව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ
ජූලි 4දා සැමරුම ජීවිත කාලයටම වන සැමරුම වනු ඇතැයි යන්නයි.


මෙතෙක් නිදහස සමරා ලින්කන් අනුස්මරණ චත්‍රරස්‍රයේදී කිසිදු ජනපතිවරයෙක් කථාවක් සිදු නොකළ අතර ට්‍රම්ප් මේවර ඒ සදහා සූදානම් වන්නේය. මෙවර ලින්කන් අනුස්මරණ චතුරස්‍රයේදී පවත්වන නිදහස් උත්සවයට ඇමරිකාව මෙතෙක් සිදු නොකළ ආරක්ෂක හමුදා වලට අයත් ආයුධ සහ යුධ ටැංකි ඇතුළු ආරක්ෂක ශක්තිය පෙන්වීමේ ක්‍රම විධි භාවිත කරන්නට නියමිතය.
මින් පෙර ඇමරිකානුවන් නිදහස සමරන ලද්දේ ඉතා සතුටින් මල්වෙඩි සංදර්ශණ පවත්වමින් ඉතා සාමකාමී ලෙසිනි. මීට ඉතතදී නිදහස් දිනය දා ලින්කන් අනුස්මරණ චතුරස්‍රය විවෘත වී තිබුණේ ජනතාව වෙනුවෙනි නමුත් මෙවර ට්‍රම්ප් නිදස් කථාවක් සිදුකිරීමට සූදානමිනි සිටී.

එමෙන්ම මල් වෙඩි සංදර්ශණද වෙනදා පැවති ස්ථානයෙන් වෙනත් තැනක සිදු කරන්නට කටයුතු කර තිබේ.. මෙම නිදහස් උලෙල නොමිලේ නැරඹීමට ජනතාවට හැකිවුවද නිදහස් උළේලේ ඉදිරි පෙළට පැමිණීමටනම් මුදල් අය කෙරේ .

මීට ඉහතදී ජනපතිවරුන්ට වඩා ට්‍රම්ප් විසින් වෙනස්ම ආකාරයට නිදහස සැමරීම පිළිබදව ඇමරිකානුවන් සිය විරෝධය පළ කරමින් සිටී. ඔවුන් පවසන්නේ මීට පෙර සිය අග නගරයට ආරක්ෂක හමුදාවට අයත් වාහන හෝ අවි ආයුධ රැගෙන එන්නට පෙර ජනපතිවරුන් කටයුතු නොකළ බවයි. අද ඇමරිකානු අගනගරය යුධමය ස්වරූපයක් ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති.

ට්‍රම්ප්ගේ මුහුණද සහිතව කුඩා ළදරුවකුගේ ස්වරූපයෙන් සකස් වුණ විශාල බැලූන ද ප්‍රදර්ශනයට ට්‍රම්ප් කටයුතු කර ඇත.

උත්සව සභාවේ ඉදිරිපෙළ විශේෂ ආර්ධිතයන් ලෙස ආරාධනා ලැබ ඇත්තේ ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතු සදහා සහය ලබා දෙන සහ මුදල් වියදම් කරන පිරිසක් වෙනුවෙනි.

ඒ නිසාම මෙම නිදහස් උළෙල හුදු දේශපාලනික මෙන්ම පිරිසකට පමණක් සීමා වූ නිදහස් උළෙලක් වී ඇත.
කවරදාකවත් ඇමරිකානුවන් නොදුටු මෙවැනි නිදහස් උළෙලක් සිය රට තුළ සැමරීමසදහා ට්‍රම්ප් උතුරු කොරියානු ජනපති අනුකරණය කරමින් සිටින බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

ජනපතිගේ මුහුණ සහිත බැලූන, හමුදා ශක්තිව පෙන්වීම, යුධ යැංකි සහ ජෙට් යානා ආදිය ප්‍රදර්ශනය මේ සියල්ල සදහා ට්‍රම්ල් කිම්ව අනුකරණය කරමින් සිටින බව පැහැදිලිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි