×

මිනිස් සිරුර උණුසුම හඳුනා ගන්නා අයුරු සොයාගත් විද්‍යාඥයින්ට නොබෙල් සම්මානයක්!

මිනිස් සිරුර බාහිරින් දැනෙන උණුසුම හඳුනා ගන්නා අයුරු පිළිබඳව විශ්ලේෂණය කළ විද්‍යාඥයින් දෙපළට නොබෙල් සම්මානයක් හිමිව ඇති බවට වාර්තා වේ.


ඩේවිඩ් ජුලියස් සහ ආර්ඩෙම් පැටාපොවුටියන් යන විද්‍යාඥයින් දෙදෙනා මිනිස් සිරුර උණුසුම නැමති සංවේදනය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව කළ සොයාගැනීමට අදාළව 2021 වර්ෂයේ වෛද්‍යවිද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ස්නායු පද්ධතිය තුළ මිනිස් සිරුර භෞතික සංවේදනයන් විද්‍යුත් පණිවිඩ බවට පත් කරන්නේ කෙසේදැයි ඔවුහු හඳුනා ගැනීමට සමත් වූ අතර, එමඟින් වෛද්‍ය විද්‍යාව තුළ වේදනාවට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නව මාවත් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයහු විශ්වාසය පළකරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි