×

දේශගුණික අර්බුදය හා ප්‍රචණ්ඩකාරී තරුණ මරණ අතර සම්බන්ධයක් පවතී ද?

දේශගුණික අර්බුදය හා තරුණැ මරණ අනුපාතයේ වර්ධනය අතර සම්බන්ධ්‍යක් නිබේ යැයි පැවසුවහොත් ඔබ පිළිගන්නෙහිද?


ගෝලීය උණුසුම හේතුවෙන් ඉහළ යන මාර්ග අනතුරු, ප්‍රචණ්ඩත්වය, සියදිවි නසාගැනීම් සහ දියේ ගිලීමෙන් සිදුවන මරණ වැඩි වීමට ඉඩ ඇති බව නව පර්යේෂණවලට අනුව සොයාගෙන ඇති අතර එම අනතුරු යෞවනයන්ට වැඩි වශයෙන් බලපානු ඇති බව අනතුරු අඟවා ඇත.

මෙම වැඩිවීම නිසා එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම තවත් 2,100 ක් පමණ මාරාන්තික තුවාල සිදුවනු ඇතැයි විද්‍යාඥයින් ගණනයකිරීම කර ඇත.

උණුසුම් දිනවලදී මිනිසුන් වැඩිපුර පිටතට ගොස් මත්පැන් පානය කිරීමට නැඹුරු වන අතර ඉහළ උෂ්ණත්වය ප්‍රචණ්ඩත්වය හා සියදිවි නසාගැනීම් වැඩි වීමට බලපාන කරුණක් බව හෙළි වී ඇත. වැඩිහිටි ප්‍රජාව අතර වැටීම හා සම්බන්ධ මරණ සංඛ්‍යාවේ සුළු අඩුවීමක් විශ්ලේෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ ශීත සෘතුවේ දී අයිස් අඩු වීම නිසා විය හැකිය.

දේශගුණික හදිසි අවස්ථා සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳ පූර්ව පර්යේෂණ මගින් හෘදයාබාධ වැනි නිදන්ගත රෝග සහ මැලේරියාව ඇතුළු බෝවන රෝග පිළිබඳව අවධානය යොමු කර ඇත. විද්‍යාඥයන් තවදුරටත් පවසන්නේ සමාජ හා ආර්ථිකයන්ට සහයෝගය දැක්වීමේදී තරුණයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් තුවාල සිදුවීම් වලින් සිදුවන මරණ පාලනය කිරීම සඳහා වන පියවර මහජන සෞඛ්‍ය තුළ ප්‍රමුඛතාවයක් විය යුතු බවත්ය.

වඩාත්ම බලපෑමට ලක්වූ වයස් කාණ්ඩය 15-34 ලෙස හදුනාගෙන ඇති අතර මාර්ග අනතුරු නිසා මරණ වලින් 42% ක් ද සියදිවි නසාගැනීම් 30% ක් ද ලෙස වාර්තා වේ. ප්‍රචණ්ඩත්වයෙන් හා දියේ ගිලී යාමෙන් සිදුවන මරණ සමස්තයෙන් 14% ක් පමණ වේ. උණුසුම් කාලගුණය හේතුවෙන් ජලාධාරක තුළ වැඩි පිරිසක් පිහිනන විට ඒ ආශ්‍රිත අනතුරු වල වැඩි ප්‍රවණැතාවක් ඇති වී ඇත.

සියදිවි නසාගැනීම් හා උණුසුම් කාලගුණය තුළ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර වැඩිවීමට හේතු සම්පූර්ණයෙන් වටහාගෙන නොමැත. නමුත් පර්යේෂකයන් කියා සිටියේ එළිමහනේ වැඩි කාලයක් ගත කරන පුද්ගලයින්ට ගැටුම් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි