×

ප්‍රංශයේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර බාර්ඩෙලාට එරෙහිව රට පුරා විරෝධතා

බාර්ඩෙලා මීළඟ අගමැති රැලිය ජයග්‍රහණය කළහොත් ජනාධිපති මැක්‍රොන්ගේ ජනාධිපති ධූරය දුර්වල වනු ඇත.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 16,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසියේ ජාතික සභාව විසුරුවා හැරීමට සහ ජූනි 30 සහ ජූලි 7 යන දිනවල වට දෙකකින් හදිසි ව්‍යවස්ථාදායක මැතිවරණයක් කැඳවීමත් සමඟ ප්‍රංශය පුරා විරෝධතාවයන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව,අන්ත දක්ෂිණාංශය ජෝර්දාන් බාර්ඩෙලා මීළඟ අගමැති විය හැකි යැයි කනස්සල්ලට පත්ව සිටින ජනතාව මෙහිදී සැමට නිදහස, සැමට සමානාත්මතාවය සහ සැමට සහෝදරත්වය යන තේමාවන් යටතේ ජාතිවාදයට එරෙහි කණ්ඩායම් මෙන්ම ප්‍රංශ වෘත්තීය සමිති මේ වෙනුවෙන් සංවිධානයව විරෝධතාවන් පවත්වමින් සිටියි.

පසුගිය ඉරිදා යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයේදී සංක්‍රමණ විරෝධී ජාතික රැලිය (RN) ඓතිහාසික ජයග්‍රහණ ලබා ගත් දා සිට ප්‍රංශයේ දිනපතා ජනකායක් එක්රොක් වෙමින් සිටිති. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ පළමු අන්ත දක්ෂිණාංශික ආන්ඩුව බිහි කරනු ඇතැයි මැතිවරනයට බිය වූ අය මෙලෙස සිය විරෝධයන් දක්වමින් තිබේ.

ඒ අනුව, ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ රටපුරා විරෝධතාකරුවන් 300,000 ත් 500,000 ත් අතර සංඛ්‍යාවක් අපේක්ෂා කරන බවයි.

මැතිවරණයක් පැවැත්වුවද ජනාධිපති මැක්‍රොන්ගේ ධූර කාලය තව වසර තුනක් පවතින අතර, ප්‍රතිඵලය කුමක් වුවත් ඔහු විදේශ කටයුතු සහ ආරක්ෂාව පිළිබඳ පාලනය රඳවා ගනු ඇත. එහෙත් දේශීය හා ආර්ථික කටයුතු පිළිබඳ අධිකාරී බලය ඇති බාර්ඩෙලා මීළඟ අගමැති රැලිය ජයග්‍රහණය කළහොත් ජනාධිපති මැක්‍රොන්ගේ ජනාධිපති ධූරය දුර්වල වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි