×

එක්සත් ජනපදයට ළඟා වීමට මෙක්සිකානු ගඟක් හරහා ගමන් කරන සංක්‍රමණිකයන්:

සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ළඟා වීමට උත්සාහ කරන විට දකුණු මෙක්සිකෝ දේශ සීමාවේ ගඟක් හරහා ගමන් කිරීම අරඹා ඇත.


සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ළඟා වීමට උත්සාහ කරන විට දකුණු මෙක්සිකෝ දේශ සීමාවේ ගඟක් හරහා ගමන් කිරීම අරඹා ඇත.

සුචියෙට් ගඟ හරහා පාලමක් තරණය කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ප්‍රධාන වශයෙන් හොන්ඩුරාස්හි සිට පැමිණි සංක්‍රමණිකයන් මෙසේ ගඟ හරහා ගමන් කිරීම අරඹා ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම් මත මෙක්සිකෝව එක්සත් ජනපදයට සංක්‍රමණික මාර්ග වසා දමා තිබේ.

කැරලි මර්දන පලිහ සහිත මෙක්සිකානු ජාතික ආරක්ෂක භටයන් සංක්‍රමණිකයන් ගං ඉවුරට නැගීම වැළැක්වීමට උත්සාහ කළහ. එහෙත් සිය ගණනක් පොලිස් සීමාවන් උල්ලංඝනය කර මෙක්සිකෝවට ඇතුළු වූ බව වාර්ථා වේ.

සමහර වාර්තා පවසන්නේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙක්සිකෝවට ළඟා වීමට උත්සාහ කළ සමහරු පොලිසියට ගල් ප්‍රහාර එල්ල කර ඇත.

සංක්‍රමණිකයන් මෙක්සිකෝවේ සියඩාඩ් හිඩාල්ගෝ සිට දේශ සීමාව හරහා ග්වාටමාලන් නගරයේ ටෙකුන් උමාන් දක්වා ප්‍රදේශ තුළ කඳවුරු බැඳගෙන සිටියහ. සංක්‍රමණිකයින්ගේ නියෝජිතයින් අට දෙනෙකුට මෙක්සිකෝවට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සහ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් වෙත ලිපියක් යැවීමට අවසර දෙන ලදී.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි