×

හංගේරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි!

මේසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක පුද්ගලයෙකි.


හංගේරියාවෙන් ප්‍රථම කොරෝනා ආශ්‍රිත මරණය වාර්තා වී තිබේ.

හංගේරියානු රජය නිකුත් කළ නිවේදනයකට අනුව කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස ආසාදනයෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

මේසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 වයස පුද්ගලයෙකි.

මිය යාමට ප්‍රථම නිව්මෝනියා තත්වයෙන් මොහු පසුවූ බවට වාර්තා වේ. තවද කොරෝනා වෛරසයට අදාල රෝග ලක්ෂණ ද පෙන්වා තිබේ.

හංගේරියාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 32ක් වාර්තා වී තිබේ.

මීට අමතරව නිරෝධායනය සඳහා පුද්ගලයින් 159ක් යොමු කර තිබේ.

සියළු පාසල් වසා දමා ඇති අතර පොදු රැස්වීම් පැනවීම එරට තහනම් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි