කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය වෙනුවෙන් අදහස් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව හෙළි කළේය.
ක්ලෝරොක්වීන් යන කෙටි නමින් හඳුන්වන ක්ලෝරොක්වීන් යන කෙටි නමින් හඳුන්වන මෙහි විෂෙන් අඩු ආකාරය තනුකකරණය කරන ලද ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්‘ (Hydroxychloroquine) ය.
සුබල මැලේරියා ඔසුවක් වන මෙය, බරපතළ ආත්‍රයිටීස් තත්වයන් සඳහා ද ලබාදෙන්නකි. මෙය ‘වහාම‘ ලබාදීම ආරම්භ කළ හැකි යැයි ද ඇමරිකාව පවසයි.
පසුගිය සඳුදා දිනයේ ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා සඳහා ම සුවිශේෂී වූ එන්නතක් අත්හදා බැලීම ද ආරම්භ කළේය. නමුත් එම සායනික අත්හදාබැලීම් අවසන් වී, එම අත්හදාබැලීම් සාර්ථක වුවහොත් එය මහජනතාවට ලබාගත හැකි වන්නේ මාස 18කට පසුව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
ඒ අනුව, දැනට භාවිතය සඳහා නිර්දේශ කර ඇති ඖෂධ අතරින් කොවිඩ්-19 සමග සටන් වදින ඖෂධයන් තෝරාගැනීමේ බරපතළ කාර්යයට ඇමරිකාව එළඹුණු අතර, ක්ලෝරොක්වීන් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් ඒ සඳහා සුදුසු බව සොයාගැනුණේ ඒ අනුව ය.
ඇමරිකානු ඖෂධ පාලක අධිකාරියේ කොමසාරිස් වෛද්‍ය ස්ටීවන් හාන් (Dr. Stephen Hahn) ද මේ බව සනාථ කරයි.
අදාළ වීඩියෝව පහතින්…
[embedyt] https://www.youtube.com/watch?v=S1MyHPmSPdg[/embedyt]