×

තමාට මීට පෙර යුක්රේනය ආක්‍රමණය කිරීමට තිබු බව පුටින් කියයි

යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිත්‍යානුකුල පාලකයකු නොවේ.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව මීට පෙර යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.

ඊයේ(19) දිනයේදී පුටින් සිය වර්ෂ අවසාන මාධ්‍ය සාකච්ජාවේදී මේ බව ප්‍රකාශ කර තිබු අතර රුසියාව 2014 දී යුක්රේනයෙන් ක්‍රිමියාව අල්ලා ගත් අතර රුසියානු හිතවාදී හමුදා නැගෙනහිර යුක්රේනයේ ගැටුමක් ආරම්භ කළ නමුත් පුටින් කියෙව් අල්ලා ගැනීමට උත්සාහ කළේ වසර අටකට පසුවය.

මෙහිදී, යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිත්‍යානුකුල පාලකයකු නොවන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාම ගිවිසුමක් වෙනුවෙන් සම්බන්ධ විය හැකි නමුත් තමා විසින් යුක්රේනයේ අත්පත් කරගනු ලැබූ ප්‍රධාන කලාප හතර සිය භාරයේ ඉදිරියටත් පවතිනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි