×

විරෝධතා පසෙකලා තල්මසුන් 2000ක් මරා දැමීමට අයිස්ලන්තය තීරණය කරයි.

1982 වසරේදී මෙසේ තල්මසුන් වාණිජ පරමාර්ථ අපේක්ෂාවෙන් මරා දැමීම ලෝකය පුරා තහනම් කරන ලදී


පසුගියදා අයිස්ලන්ත බලධාරීන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් මේ වන විට මුළු මහත් ලෝකයම කම්පාවට පත් කර ඇත. ඒ අයිස්ලන්තය විසින් මීලග අවුරුදු 5 තුළ තල්මසුන් 2000ක් මරා දැමීමට සැළසුම් කර ඇති බවට කළ නිවේදනයත් සමගිනි.


IWC හෙවත් ජාත්‍යන්තර තල්මසුන් මරාදැමීම පිළබද කොමිසම වාණිජ පරමාර්ථ මත තල්මසුන් මරා දැමීම නීති විරෝධී ක්‍රියාවක් බවට ප්‍රකාශ කර තිබුණද අයිස්ලන්තය ඊට අභියෝග කරමින් සිටින බව ජාත්‍යන්තර පරිසර සහ සත්ව අයිතීන් පිළිබද ආයතන කිහිපයක් පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර තල්මසුන් මරා දැමීම පිළිබදව වන කොමිසම විසින් 1982 වසරේදී මෙසේ තල්මසුන් වාණිජ පරමාර්ථ අපේක්ෂාවෙන් මරා දැමීම ලෝකය පුරා තහනම් කරන ලදී, නමුත් මෙම නීති සියල්ල පසෙකලා අයිස්ලන්තය මේ වන විට ඒ සියලු බාධක පසෙක ලා මෙතරම් තල්මසුන් ප්‍රමාණයක් කෙටා කාලයක් තුළ මරා දැමීඹට තීරණය කර ඇත.

මෙසේ තල් මසුන් මැරීම සම්බන්ධව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ එකම රට අයිස්ලන්තය පමණක් නොවන්නේය ජපානයද පසුගිය වසරේ ප්‍රකාශ කලේ තමන්ට තල් මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කිරීමට සිදු වන බවයි.

අයිස්ලන්තයේ නව සැළසුමත් සමග 2023 දක්වා වසර 5ක කාලය තුළ සෑම වසරකදීම එක් තල්මසුන් දඩයම්කරුවෙක් සදහාම ෆින් තල්මසුන් 2019 සහ මින්ක් තල්මසුන් 2017 ඇල්ලීමට අවසර ලබා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි