×

අවමංගල්‍යය දැන්වීමයි… OKජෝකුල් ග්ලැසියරය අවුරුදු 700ක් ආයු වළඳා අවසන් ගමන් යයි

මරණයට වග කිව යුත්තෝ ලෝක වාසීන්ය


අද දිනය අයිස්ලන්තයේ වැසියන්ට ශෝක දිනයකි. වයස අවුරුදු 700ක් පැරණි OKජෝකුල් හෙවත් OK අයිස් ගලැසියරය මිය ගිය බවට නිළ නිවේදනය සහ ශෝකය පළ කිරීම අද දින සිදු විය.
OKජෝකුල් මිය ගිය බවට ප්‍රථම වතාවට අනාවරණය වූයේ 2014 වසරේ වුවත් ඒ බව නිළ වශයෙන් සමරනු ලබන්නේ අදයි.
අයිස් ග්ලැසියරයක් මිය ගිය ලොව ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒය මිය ගොස් ඇති බව ඉදුරාම දැන ගත හැකි වන්නේ එයට තව දුරටත් චලනය වීමට නොහැකි බව තහවුරු කර ගැනීමෙනි. එනම් සෙමෙන් දිය වී ගොස් තව දුරටත් ග්ලැසියරයක් අදාල ස්ථානයේ නොපැවතිම සමගිනි. OK නම් ගිනි කන්ද වසා පැවතීම හේතුවෙන් මෙය OKජෝකුල් නම් වුවද වසර 700කට පසු නැවතක් එය OK ගිනි කන්ද නමන් පමණක් හදුන්වනු ඇත.

Image result for okjokull

OKජෝකුල් ගේ අහිමි වීම සිහිපත් කරමින් අයිස්ලන්තයේ දී අනාගතයට ලියමනක් යනුවෙන් පලකයන් විවෘත කරනු ලැබිය .
ග්ලැසියර යනු විශාල භූමි ප්‍රදේශයක් වසා සිටින ඝනව ඇසුරූ අයිස් සහ හිම තට්ටු” ලෙස දැක්විය හැකි වේ. සමස්ත උෂ්ණත්වය සාමාන්‍යයෙන් හිමාංකයට පහළින් පවතින ප්‍රදේශවල ග්ලැසියර සෑදේ. කිසියම් ප්‍රදේශයක ප්‍රමාණවත් තරම් හිම තැන්පත්ව ගොඩනැගුණු විට, යට පිහිටි හිම ඊට ඉහළින් ඇති හිමවල බර හේතු කොට ගෙන සුසංහසනය වී අයිස් බවට පෙරළෙයි. මෙලෙස වසර සිය ගණනක් පැරණි ග්ලැසියර දිය වන්නට පටන් ගැනීම නිසා ලෝකයට එල්ල වන කර්ජනය සිතා ගත නොහැකි තරමේ එකකි.

අනාගතයට ලියමනක් !
මෙම පළකය මෙසේ සථාපිත කිරීමෙන් අයිස්ලන්තය සහ පරිසර විශේෂඥයින් බලාපොරොත්තු වන්නේ අනාගතයේදී ලෝකයට අහිමි වෙමින් පවතින ග්ලැසියර සුරක්ෂිත කිරීමට මෙන්ම ඒ පිළිබදව අනාගතයට දැනුම් දීමටයි.

” ග්ලැසියරයක් ලෙස තව දුරටත් නම් කළ නොහැකි ප්‍රථම අයිස් ග්ලැසියරය බවට පත් වන්නේ OKජෝකුල් ය.” යනුවෙන් එම පලකයේ සටහන් කර ඇත.
එම ඵලකය තව දුරටත් දන්වන පරිදි තවත් වසර 200ක් ගත වන විට ලෝකයේ ඉතිරිව පවතින සියළු ග්ලැසියර වලට හිමි වන්නේ මෙම ඉරණමමය. ඔබ ඒ ගැන දැනුවත් වනු ඇත්තේ අප එය කළොත් පමණි.
මෙම ප්‍රකාශය රචනා කර ඇත්තේ අයිස්ලන්ත ජාතික ලේඛකයෙකු වන ඇන්ඩ්‍රි ස්නීර් මැග්නේසන් විසිනි.

මෙසේ අයිස් ග්ලැසියර ලෝකයට අහිමි වෙන්නට බලපාන මූලිකම හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පණ පෙවෙණ දේශ ගුණික විපර්යාසයන්ය. පරිසරයට එරෙහිව මිනිසා විසින් සිදු කරන අනවර ක්‍රියාවන් නිසා සිදුවන ගොලීය උෂ්ණත්වයේ ඉහළ යෑම දේශ ගුණික විපර්යාසයන්ට මූලික හේතුවයි. ගෝලීය උණුසුම වැඩිවීම හේතුවේන අයිස් කදු දිය වීම මෙන්ම මෙසේ
ග්ලැසියර මිය යෑම සිදු වේ.
මීට පෙරද ග්ලැසියර දිය වීම සිදු වුවද OKජෝකුල් යනු විශාල ප්‍රමාණයේ ග්ලැසියර අතරේ මිය ගිය ප්‍රථමයාය. අයිස්ලන්තයේ වෙවැනි ග්ලැසියර අතරේ Snaefellsjokull යනු ගිනි කන්දක් වසා සිටින ග්ලැසියරයකි. එයද මේ වන විට දිය වී යන්නට පටන් ගෙන ඇත. මෙවැනි ග්ලැසියර දියවී යෑමෙහි ප්‍රථිපලය නෙළෙස වනු ඇති දැයි අපට සිතා ගැනීමටවත් නොහැකිය.

2000 වසරේදී අයිස්ලන්තයේ ග්ලැසියර 300ක් පැවති බව ගණනය කර තිබුණද 2017 වන විට ඒ අතරින් කුඩා ග්ලැසියර 56ක් මිය ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි