×

ඊශ්‍රායල-පලස්තීන නොනිමි ත්‍රස්ත ක්‍රියා – ස්වයංක්‍රීය ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට!

ඊශ්‍රායල - පලස්තීන අරගලය ලොව පවතින සමනය කළ නොහැකි ම ගැටුම බවට හැඳින්වේ.


ඊශ්‍රායල පලස්තීන සීමා අතර පවතින ත්‍රස්ත ක්‍රියා හා ගැටුම් පාඨක ඔබට අලුත් පුවතක් නොවන බව සැබෑය. ගාසා තීරය අසල සිදුවූ විවිධ අන්දමේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා අපමණය. මේ වාර්තා වන්නේ ද ගතවූ පැය 24 තුළ හටගත් ත්‍රස්ත ක්‍රියා පිළිබඳව ය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) හා පලස්තීන දේශ සීමා පොලිසිය එක්ව ගත වූ පැය 24 තුළ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ යැයි හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අන්තවාදී ත්‍රස්ත ක්‍රියා මෙන්ම, ඊශ්‍රායල ආරක්ෂක අංශ භටයින් මෙන්ම සිවිල් වැසියන් ද ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසකට බඳුන් වූ පුද්ගලයන් බවට වාර්තා වේ.    

රැඳවුම් භාරයේ සිටින මෙම සැකකරුවන් දස දෙනා ප්‍රශ්ණ කිරීම් වෙත යොමුකරවා ඇති බවට පැවසේ.

පලස්තීන නගරයක් වන බීට් අව්වා හි දී, නීති විරෝධී ආයුධ සොයා ගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කොට ඇති අතර, එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ස්වයංක්‍රීය ගිනිඅවි කිහිපයක් ද සොයා ගැනීමට සමත් ව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.  

මෙම ස්වයංක්‍රීය ගිනි අවි ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවට විශ්වාස කෙරෙන අතර, මේ වන විට ආරක්ෂක අංශ වෙත භාර දී තිබේ.

20 වන සියවසේ මැද භාගයේ ආරම්භ වූ ඊශ්‍රායල හා පලස්තීනුවන් අතර පවතින අරගලයේ මූලාරම්භය යුදෙව් සංක්‍රමණයත් සමඟ යුදෙව්වන් සහ අරාබිවරුන් අතර නිකායවාදී ගැටුමක් දක්වා දිව යයි. පුරා වසර 52 ක කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ‍ වාඩිලාගැනීම හේතුවෙන් මෙම අරගලය ලොව පවතින සමනය කළ නොහැකිම ගැටුම ලෙසද ඇතැමුන් අර්තකතනය කරනු දක්නට ලැබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි