×

ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු IDF භාරයේ!

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් පසුගිය සඳුදින රාත්‍රියේ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ යැයි පුද්ගලයන් 18 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


ඊශ්‍රායල ආරක්ෂක අංශ (Israeli Defence Forces: IDF) විසින් පසුගිය සඳුදින (02) රාත්‍රියේ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ යැයි පුද්ගලයන් 18 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා සිටි අන්දමට මෙම සැකකරුවන් විවිධාකාරයේ කඩාකප්පල්කාරී හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන අන්දමේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධවී ඇත.

සැකකරුවන්ගේ ජාතිකත්වය ඊශ්‍රායල, හෝ මෙම සැකකරුවන්ගේ ක්‍රියා ගාසා තීරයේ අර්බුදයට සම්බන්ධයක් පවතී ද යන්න තොරතුරක් මෙතෙක් හෙලිදරව් වී නොමැත.

සැකකරුවන් එරට විමර්ශන කටයුතු සඳහා යොමුකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි