×

ලෙබනන් අහසේ පියාසර කළ ඊශ්‍රායල ඩ්‍රෝන යාත්‍රා වෙත වෙඩිප්‍රහාර!

පසුගිය බදාදා (28) දින ලෙබනන් අහසේ පියාසර කළ ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) වෙත අයත් වේ යැයි කියන ඩ්‍රෝන යාත්‍රා වලට ලෙබනන් ආරක්ෂක අංශ මඟින් වෙඩි පහර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය බදාදා (28) දින ලෙබනන් අහසේ පියාසර කළ ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) වෙත අයත් වේ යැයි කියන ඩ්‍රෝන යාත්‍රා වලට ලෙබනන් ආරක්ෂක අංශ මඟින් වෙඩි පහර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

IDF මාධ්‍ය ප්‍රකාශක පවසා සිටි පරිදි විශේෂ මෙහෙයුමක් කරා පිටත් කර හැරි මෙම ඩ්‍රෝන යාත්‍රා ලෙබනන් ගුවන් සීමාවට ඇතුළු වීමත් සමඟ එරට ආරක්ෂක අංශ වෙඩි පහර එල්ල කර ඇත.

කෙසේ වෙතත්, IDF මාධ්‍ය ප්‍රකාශක පවසා සිටි පරිදි මෙම ඩ්‍රෝන යාත්‍රා වලට හානි සිදුවී නොමැති අතර, සාර්ථකව තම මෙහෙයුම අවසාන කොට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි