×

බටහිර ඉවුරේ ත්‍රස්ත ක්‍රියා උත්සන්න වන ලකුණු, තවත් සැකකරුවන් 11 දෙනෙකු IDF භාරයේ!

බටහිර ඉවුරේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි සැකකරුවන් එකොළොස් දෙනෙකු IDF ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.


බටහිර ඉවුරේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදා අංශ (IDF) විසින් පසුගිය බදාදා (11) දින අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී M16 වර්ගයේ රයිෆලයක් හා පතරොම් තොගයක් ද සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ප්‍රශ්ණ කිරීම සඳහා ෂින් බෙට් වෙත යැවීමට කටයුතු යොදා ඇති බවට IDF ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ලදී.

පලස්තීනයේ බටහිර ඉවුරේ ත්‍රස්තවාදී ක්‍රියා පසුගිය කාලවකවානුව තුළ වැඩිවී ඇති බවක් දක්නට තිබේ. 2011 වර්ෂයේදී බටහිර ඉවුර තුළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සිදුවීම් 320 ක් වාර්තා වී තිබූ අතර, 2012 වර්ෂය වන විට එය 578 දක්වා ඉහළ ගොස් තිබිණි. 2012 වර්ෂය තුළ ජෙරුසලමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව 282 ක් වූ අතර, එය 2011 වර්ෂයේදී 191 කි. මෙම කාලය ඇතුලත ඊශ්‍රායල වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි