×

සුපිරි හොලිවුඩ් නළු ඉද්‍රිස් එල්බාටත් කොරෝනා වැළඳෙයි!

අනෙත් පුද්ගලයන් ගෙන් වෙන්ව නිරෝධායන ක්‍රියාවලියට සහාය පළකරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.


සුපිරි හොලිවුඩ් නළු ඉද්‍රිස් එල්බා හට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

මාවල් සිනමැටික් යුනිවර්ස් චිත්‍රපට මාලාවේ අස්ගාර්ඩ් දෙව්ලොවේ හෙයිම්දෝල් නම් මුර දේවතාවට චරිතය පෙවූ ඉද්‍රිස් එල්බා 47 වෙනි වියේ පසුවෙයි.

ඔහු අද දින ප්‍රකාශ කර සිටියේ දැනට රෝග ලක්ෂණ කිසිවක් ඔහු තුළ නොපෙන්වන මුත් පරීක්ෂණ මඟින් ආසාදනය තහවුරු වූ බවයි.

මීට අමතරව අනෙත් පුද්ගලයන් ගෙන් වෙන්ව නිරෝධායන ක්‍රියාවලියට සහාය පළකරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි