ඔවුන්ට ඔවුන් ගිය මගේ ඔවුන්ගේ දරුවන් යවන්නට කිසිසේත් වුවමනාවක් නැත.
ඉන්දුනීසියාවේ ජාවා දිවයිනෙහි පිහිටි කාවා ඉජන් ගිනි කන්ද ලෝකයේ අනෙක් සෑම ගිනි කන්දකටම වඩා විශේෂිත වේ. බිය දනවන රත් පැහැ ගිනි දැල් සමග ලාවා ගලා බසින් අනෙක් ගිනි කදු මෙන් නොව චමත්කාර ජනක නිල් පැහැ ගිනි දැල්ද සමග එය ගිනි කන්දක්දැයි අමතක වන තරමට සුන්දර දසුනක් කාවි ඉජන් තුළින් දැක බලා ගත හැකිවෙයි. නමුත් මේ නිල් පැහැය හා අසීමිත සුන්දරත්වය තුළ ගැබ්ව ඇත්තේ සිත් අදහා ගත නොහැකි අනතුරුය.
ගුරුන්ග් මෙරාපි හෙවත් “mountain of fire” නමින් හුදුන්වන ඉජන් ගින් කන්දේ මුදුනෙහි දැක ගත හැකි නිල් පැහැ සුන්දර වැවකි ගිනිකදු කල්දේරම ලෙසද එය හදුන්වයි. දුටු සැනින් එහි බැස කිමිදෙන්නට යමෙකුට සිතුනත් එය සැබෑම ලෝදිය ගගුලකි. එහි ඇල්ලූ සැණින් පිච්චී යන ඇසිඩ් වලින් සමන්විතය. ලොව වැඩිම ඇසිඩ් සාන්ද්‍රණයක් ඇති වැව ලෙස හදුනාගෙන ඇත්තේද මෙයයි.
එතරම් බිය ජනක වටපිටාවක සිට ජීවන අරගලයේ යෙදෙන මිනිසුන් පිරිසක් ද සිටී. ඉජන් ගිනි කන්ද සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට අතපුරා මුදල් ලැබෙන දුප්පතුන්ගේ අත් පා පවා ඔවුන්ට අහිමි කරන යපස් ආකරයකට උපත දී ඇත.
ඒ නිසාවෙන්ම මෙතරම් බිය ජනක පරිසරයක සිට යපස් ආකරයේ සිට යපස් අදින මිනිසුන් ගේ ජීවිත සැබවින්ම බිය ජනකය , වේදනාකාරීය, නීරසය
යක්ෂයින්ගේ රත්රන් මවන මෙම ඉජන් ගිනි කන්දේ අදුරු පසෙහි ජීවත් වන මෙම යපස් කණින්නන්ගේ මෙන්ම යපස් ප්‍රවාහණය කරන්නන්ගේද ජීවිත තුළ රැදුන අදුරු නීරස කථා පිළිබදව සිතද්දීද දැනේනේ වේදනාවකි.
ඉජන් හී යපස් ආකරයේ සිට සැතපුම් ගණනාවක් සිය උරහිසේ රැදවූ කූඩ මත යපස් ගෙන යන සේවකයන් බෙහෝ දුරක් ගමන් කරන්නේ අදහා ගත නොහැකි බරක් සිය උරහිස මත රදවා ගනිමිනි. ඔවුන්ගේ දවස ඇරඹේන්නේ මධ්‍යම රාත්‍රියෙනි. මීටර් 2800ක් පමණ උස මෙම ගිනි කන්ද නගින්නට ඔවුන් පටන් ගන්නේය. එතරම් දුරක් පැමිණ මී ලගට ඔවුන් කරන්නේ යපස් සහිත වැව වෙතට ඇති පල්ලම බැසීමය. එය දුෂ්කර ගමනකි. ගල් ගෝඩැලි, වලින් පිරි හෙවනක් නැති දුහුවිලි පිරුණු බිමකි. එය මරණය හා පොර බැදීමක් වැනිය කොයි මෙහෝතේ කුඩා ගල් ගැලවී තමන් කොහේ හෝ ප්‍රපාතයක් වෙත ඇද වැටේදැයි සිතා ගත නොහැකිය. මධ්‍යම රාත්‍රියේ ගමන ආරම්භ කරන බැවින් යපස් ආකරය වෙල ළගා වීම මදක් පහසු වුවත් එහි සිට පෙරළා එන ගමන නම් කෙහෙත්ම සිතා ගත නොහැකිය. එය එතරම් බිය සුළුය. මිනිමුන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතෙන තරමටම එය බිය ජනකය, වෙහෙස කරය. නමුත් ඉජන් ගිනිකන්දේ යපස් සේවකයින් දිනපතා මෙම වෙහෙසකර බිය ජනක දින චර්යාව පවත්වාගෙන යති. ඒ තම දරු මල්ලන්ට එදා වේල සොයා ගනනටයි.
නැවත එන ගමනේදී තමන්ගේ සිරුරටත් වඩා බර යපස් ප්‍රමාණයක් සිය උරහිස දෙපස රැදවූ ලී කදක් මත එල්ලූ කූඩ වලට පටවා ගන්නා ඔවුන් යපස් නිසා ඇතිවන දුහුවිල්ලෙන් නොකඩවා ඇති වන කැස්ස නිසාද වෙහෙසට පත් වන්නේය.
පුරවා ගත් යපස් කදත් සමග නැවත යපස් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත දුර ගෙවා පැමිණෙන් මේ යපස් එකතු කරන්නන්ට නිසි සෞඛ්‍ය පහසුකම් හෝ ආරක්ෂිත පහසුකම් කිසිවක් ඔවුන්ට නැත.
ඔවුන්ට මේ අප්‍රමාණ වෙහෙසජනක කාර්ය වෙනුවෙන් ලැබෙන්නේ දිනකට ඩොලර් 10ක් පමණ වන වැටුපකි. එය ඉන්දුනීසියානු රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසකි. නමුත් එරට ඔවුන්ට ඒ මුදලට ඔවුන්ට සිතූ පැතූ සියල්ල ලබා ගන්නට නම් නොහැකිය.