×

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලත් ඉල්හාම් ඨොටී ට ” ශ්‍රේෂඨතම මානව හිමිකම් සම්මානය ” පුද කෙරේ

යුරෝපා සංගමය විසින් ඉල්හාම් ඨෝටි හදුන්වා තිබුණේ ''මධ්‍යස්ථතාවයෙහි හා ප්‍රතිසංධානයේ හඬ '' යනුවෙනි.


චීනයේ සුළුතර උයිගර් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා චීන රජය විසින් බෙදුම්වාදියෙකු ලෙස වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ ඉල්හාම් ඨෝටි ආර්ථික විද්‍යාඥයෙකි.

ඔහු වෙත මෙම වසර සදහා යුරෝපා සංගමය විසින් ශ්‍රේෂ්ඨතම මානව හිමිකම් ක්‍රියාකාරිකයා සදහා පිරිණැමෙන සම්මානය පිරිණැමින.

සඛාරොව් සම්මානය නමින් හදුන්වන මෙම සම්මානය සදහා ඔහුව නම්කරමින් ඊට අදාළ නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබීය. යුරෝපා සංගමය විසින් ඉල්හාම් ඨෝටි හදුන්වා තිබුණේ ”මධ්‍යස්ථතාවයෙහි හා ප්‍රතිසංධානයේ හඬ ” යනුවෙනි. චීන ජනතාව සහ ඉස්ලාමීය උයිගර් ප්‍රජාව අතර සංවාදය සහ අවබෝධය ඇති කිරීම සදහා ඔහුගේ අප්‍රතිහත කැපවීම අගය කිරීමේ අරමුණින් ඔහු වෙත මෙම සම්මානය පිරිණමන ලදී. චීනයේ කලාපීය ස්වයංපාලන නීති ක්‍රියාවට නැංවීම සදහාද ඔහු විසින් සිදු කළ කාර්ය ඇගයීමට ලක් කෙරිණි.

“මෙම ත්‍යාගය ප්‍රදානය කිරීමෙන් අපි ඨෝටි නිදහස් කරන ලෙස චීන රජයෙන් තරයේ ඉල්ලා සිටිමු. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස අපි චීනයෙන් ඉල්ලා සිටිමු.” යුරෝපා සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධව චීනය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. කෙසේ වුවත් යුරොපා සංගමයේ මෙම නිවේචනය චීනයේ කෝපයට හේතු විය හැකි බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතයයි, මීට පෙරද චීනයට එරෙමහිව මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වෙත පිරිණැමෙන ත්‍යාග සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන චීනයේ දෝෂාරොපණයට ලක් විය.

2014 වසරේදී චීනය විසින් වාර්ගික වෛරය ඇති කිරීම, ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ ඔහු විසින් පංති කාමර ඉගැන්වීම් තුලදී වෛරය ජාතිවාදයට මාර්ගය පෙනිවීම භීෂණයසහ උසිගැන්වීම යන චෝදනාවලට ඨොටී ව වරදකරු කරන ලදී. මූලික වශයෙන්ම චීනයේ බටහිර කලාපයේ ෂින්ජියැන් හි වෙසෙන මුස්ලිම් සුළුතරයක් වන උයිගර්වරුන්ට බලපාන ගැටළු පිළිබඳව හඩක් නැගීම ඔහු වරදකරු කිරීමේ ප්‍රධාන හේතුවයි.

උයිගර්වරුන් මිලියනයක් පමණ චීනය විසින් රඳවා තබා ගැනීම හා ඔවුන්ට විරුද්ධ ක්‍රියාකාරී පිළීබදව ජාත්‍යන්තරය විසින් චීනය හෙළා දකිනු ලැබීය
යුරෝපා සංගම් නීතිඥ ෆිල් බෙනියන්ට අනුව ඨෝටි වසර ගණනාවක් හුදකලා සිරකඳවුරක සරගත කර සිටි අතර 2017 වසරේ සිට ඔහු සිය පවුලේ සාමාජිකයන් කිසිවෙකුත් දැක නැත. බෙනියන් පවසන්නේ චීන රජය විසින් මෙම යුරෝපා සංගම් නියෝජිතයන් පිරිසකට ඨෝටි සිර ගත කර සිටින සිර මැදිරිය වෙත පැමිණීමට ඉඩ දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

තමන් වෙත මෙම ත්‍යාගය ලැබෙනු ඇතිදැයි දැන ගැනීමට ඔහුට හැකි වේද?

2014 වසරේදී  ඔහුගේ නඩු විභාගයේදී ඨොටී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලී ෆැන්ග්පින් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ “මෙය ඔහුට යම් සාමයක් ගෙන එනු ඇතැයි මම විශ්වාස කරමි.” යනුවෙනි.

නමුත් මෙම පුවත දැන ගැනීමට ඔහුට හැකි වෙයිද යන්න විශෟවාස කළ නොහැක… ඔහු තව දුරටත් පැවසීය.

යුරෝපා කවුන්සිලය විසින් ද වක්ලව් හැවෙල් මානව හිමිකම් ත්‍යාගය පසුගිය මාසයේ දී ටෝටිට පිරිනමන ලදී.

සඛාරොව් ත්‍යාගය නම් කර ඇත්තේ සෝවියට් රාජ්‍ය විරෝධී මතධාරී ඇන්ඩ්‍රි සකාරොව්ගේ නමිනි. එය 1988 දී නිර්මාණය කරන ලද්දේ මානව හිමිකම් සහ මූලික නිදහස ආරක්ෂා කරන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට ගෞරව කිරීම සඳහා ය. පසුගිය වසරේ මෙම සම්මානය හිමි වූයේ “ත්‍රස්තවාදය වර්ණනා කිරීම හා කුමන්ත්‍රණ කිරීමෙහි නිර්මාණකරණය යන චෝදනා යටතේ රුසියානු බන්ධනාගාර කඳවුරකින් නිදහස් වූ යුක්‍රේනියානු චිත්‍රපට නිෂ්පාදක ඔලෙග් සෙන්ට්සොව් වෙතයි.

මෙම වසරේ සම්මානය මෙම සම්මානය සදහා යෝජිත නම් ලැයිස්තුවේ සිටින අනෙක් අය නම්, පසුගිය වසරේදී වෙඩි තබා ඝාතනය කළ අප්‍රිකානු-බ්‍රසීලියානු සමරිසි සහ සංක්‍රාන්ති ලිංගිකයන් සදහා අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ බ්‍රසීල ජනතා නියෝජිතවරියක වන මාරියෙල් ෆ්‍රැන්කෝ, ස්වදේශික බ්‍රසීල නායක ‍ රාවෝනි, පරිසරවේදී ක්ලෝඩෙලිස් සිල්වා ඩොස් සැන්ටොස් සහ සුන්නත් කරණයට ලක්වන දැරියන් වෙත සහය වීම සදහා ප්‍රතිස්ථාපකයක් ලෙස ඇප් මෘදුකාංගයක් නිර්මාණය කළ කෙන්යානු සිසුන් පස්දෙනෙකුගේ නම්ද වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි