×

ඉන්දියාවේ නීතිවිරෝධී සුඛෝපභෝගී මහල් නිවාස 2ක් තත්පර 2න් දූවිලි බවට පත්වේ!

ඉන්දියාවේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද සුඛෝපභෝගී නිවාස ගොඩනැඟිලි දෙකක් තත්පර කිහිපයකින් සුන්බුන් බවට පත් කර ඇත.


ඉන්දියාවේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද සුඛෝපභෝගී නිවාස ගොඩනැඟිලි දෙකක් තත්පර කිහිපයකින් සුන්බුන් බවට පත් කර ඇත.

කේරළ ප්‍රාන්තයේ කොචි හි මෙම උස් සුඛෝපභෝහී ගොඩනැගිලි 2ක සෙනසුරාදා කඩා බිඳ දැමීමට තීරණය ලද්දේ ජල පහසුකම් ලබාගැනීමට ප්‍රමාණවත් වන දුර ප්‍රමාණයක් අතර මහල් ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නීති අදාළ සමාගම විසින් කඩකර ඇති බව හෙළිවීමත් සමග ය.

මෙම පුපුරුවා හැරීම සිදුකරන අවස්ථාවේදී ඝන දූවිලි වලාකුළක් ප්‍රදේශය පුරා පැතිර යාමේ අවදානම හේතුවෙන් අවට සිටි පුද්ගලයින් 2,000 ක් පමණ ඉවත් කිරීම සිදු කර ඇත.

තවත් මෙවැනි නීති විරෝධී ගොඩනැඟිලි දෙකක් අද දින(12) කඩා දැමීමට නියමිතය.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ මෙම මහල් නිවාස නීති විරෝධී ඒවා වන නමුත් ඒවායේ ජීවත් වූ පවුල් 240 සඳහා වන්දි ලබාදීමට නියමිත බවයි.

[embedyt] https://www.youtube.com/watch?v=_yVaqLQX3f8[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි