×

ඇමරිකාවේ රසායනික කම්හලක විශාල ගින්නක් – ගින්න පාලනයට කරන්නට දින ගණනාවක් ගත වේවි

ඇමරිකාවේ ඉලිනොයිස් ජනපදයේ රසායනික කම්හලක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.


ගිනි ගැනීම පාලනය කරන්නට දින ගණනාවක් ගත වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වනාන්තරබද පෙදෙසක පිහිටා ඇති මෙම කම්හලෙන් අති දැවැන්ත කළු දුමාරයක් පිටවන ආකාරය දැකගත හැකි විය.

කම්හලෙන් සැතපුමක් ඇතුළත වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙසට නියෝග කර තිබේ.

ගිනි නිවන භටයන් පැමිණීමට පෙර කම්හලේ සේවකයන් 70 දෙනෙක් පමණ එයින් ඉවත් කිරීමට හැකි වී තිබේ.

පරිසරවේදීන් පවසන්නේ විශාල පාරිසරික හානියක් මෙමගින් සිදුවනු ඇති බවයි. අවට පිහිටා ඇති ගංගා කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු ව තිබේ.

කෙම්ටූල් නමැති මෙම කාර්මික රසායනික කම්හල කාර්මික ලුබ්රිකන්ට්, ග්‍රීස් සහ ඛණිජමය දියර වර්ග නිෂ්පාදනය කරන සමාගමකි.

ගින්න හටගත් ආකාරය තවම පැහැදිලි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි