×

ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර

එම සමාගම් දෙක වෙළඳපොලෙහි ගණුදෙනු හා සම්බන්ධ මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද චීනය පවසනවා


සටහන: දිනූෂි ධීරසිංහ
පෙබරවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය ඇමරිකාවේ PVH Corp. සමාගම සහ Illumina, Inc. සමාගම ව්‍යාපාරික විශ්වාසයක් නොමැති ආයතන ලැයිස්තුවට එක් කර තිබෙනවා. චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (4) මේ පිළිබඳ නිවේදනය කළා.

එම නිවේදනයට අනුව, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සහතික කිරීම සඳහා, “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය”, “චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක නීතිය” ඇතුළු නියාමනයන්ට අනුකූලව අදාළ ඇමරිකා‍නු සමාගම් දෙක මෙම ලැයිස්තුවට ඇතුළත් කළ බවයි සඳහන් වන්නේ.

එම සමාගම් දෙක වෙළඳපොලෙහි ගණුදෙනු හා සම්බන්ධ මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද චීනය පවසනවා. එම සමාගම් දෙක චීන සමාගම් කෙරෙහි වෙනස් කොට සලකමින් චීන සමාගම් සමග සාමාන්‍ය ගනුදෙනුවලට ද බාධා කර ඇති බව ද වාර්තා වනවා. එය චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කිරීමක් බවයි චීනය පවසන්නේ. මෙම සමාගම්වලට එරරෙහිව නිත්‍යානුකූලව පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ‍වනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි