×

Jay-Z – බිලියනපතියෙක් බවට පත්වූ ලොව පළමු හිපොප්/රැප් ගායකයා

සුපිරි රැප් ගායක ජේයි-ඉසෙඩ් Jay-Z බිලියනපතියෙක් බවට පත්වූ ලොව පළමු හිපොප්/රැප් ගායකයා බවට සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි.


සංගීතය, විලාසිතා සහ ආයෝජනවලින් සපිරි ව්‍යාපාරික අධිරාජ්‍යයක් ඔහුට තිබේ. ඔහු Jay-Z ය. හිපොප් ලෝකයේ ඔහුගේ නම නෑසූ කෙනෙක් නැත. ෆෝබ්ස් අලුත්ම කලාපයට අනුව, බිලියනපතියෙක් බවට පත්වූ ලොව පළමු හිපොප් කලාකරුවා ඔහු ය.

ඔහුගේ වත්කම පවුම් මිලියන 800 ක් නොහොත් ඇ.ඩො. බිලියනයක් බව හෙළි වී තිබේ.

Jay-Z ගැන මෙන්ම Beyonce – බියොන්සේ ගැන ද ලෝකයේ නෑසූ කෙනෙක් නැත.
Jay-Z, බියොන්සේගේ සැමියා ය. ඔහුගේ සාර්ථකත්වයේ රහස ගැන ඇය අපූරු කතාවක් කියයි.

එයට අනුව ඔහුගේ සාර්ථකත්වයේ රහස වන්නේ ඔහු විසින් ‘‘තමන්ව ප්‍රමෝට් කර ගනු වෙනුවට සන්නාමයන් (brands) ගොඩනගා ඒවා ප්‍රවර්ධනය කිරීමයි.

Jay-Z නාමය පවා සන්නාමයකි. ඔහුගේ උපන් ගෙයි නම ෂ්වෝන් කාටර් (Shawn Carter ) ය. ඔහු ඉපදුණේත් ළමා කල ජීවත් වුණේත් නිව්යෝක් නගරයේ අතිශයින්ම අපකීර්තිමත්, දුප්පත්ම සහ රස්තියාදුකාරම මුඩුක්කු ප්‍රදේශයක ය.

‘‘සාධාරණ සැකය‘‘ යන අරුත් දෙන Reasonable Doubt ඇල්බමය 1996 වසරේදී නිකුත් කරමින් ඔහු සාර්ථකත්වයේ හිණිපෙත්ත එකවරම ස්පර්ශ කළේ එය ඔහුගේ මංගල ගීත ඇල්බමය වූ හෙයිනි. එම සම්පූර්ණ ගීත ඇල්බමය මෙතැනින්..

නමුත් ඔහු එයින් හිස උදුම්මවාගත්තේ නැත. ඒ වෙනුවට තව තවත් වෙහෙස වී වැඩ කළේය. අවසානයේ 2001 වසරේදී ඔහුගේ මීළඟ ඇල්බමය වූ The Blueprint, ඇමරිකාවේ
Library of Congress’ National Recording Registry හි ද අන්තර්ගත විය. ‘‘සංස්කෘතික, ඓතිහාසික හෝ සෞන්දර්යාත්මක වශයෙන් එම ගීත ඇල්බමය සුවිශේෂී බව‘‘ ඔවුහු සඳහන් කළහ.


ඔහු කඩවසම් අයෙක් නොවේ. දැන් ඔහුගේ වයස අවුරුදු 49 කි. ඔහු සුර කුමරියක බඳු අති සුපිරි ගායිකාවක වන බියොන්සේගේ අතිනත ගත්තේ 2008 වසරේදී ය. එනම් වයස 38 දී ය.

එය සුරඟනක් සහ වානරයෙක් අතර සිදුවූ මංගල්‍යයක් යැයි පැවසූ අය ද සිටියහ.

බියොන්සේ ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී

ඔහු බිලියනපතියෙක් කර ඇති වත්කම් අතර, මිලියන 310 ක් වටිනා දුර්ලභ ෂැම්පේන් එකතුවක් ද තිබේ.

Jay-Z popping a bottle of his Armand de Brignac champagne, worth an estimated $310 million alone.

Photo: Seth Browarnik/World Red Eye
Jay-Z popping a bottle of his Armand de Brignac champagne, worth an estimated $310 million alone.
Photo: Seth Browarnik/World Red Eye

Forbes විසින් තක්සේරු කරන අන්දමට Jay-Zගේ වත්කම අද වන විට මෙසේ ය.

  • ඩොලර් මිලියන 75 ක් වටිනා මියුසික් කැටලොගය
  • Armand de Brignac ෂැම්පේන් සහ ඩොලර් මිලියන 410ක් වටිනා D’Usse කොනැක් බෝතල් එකතුවක්
  • ඩොලර් මිලියන 70 ක Uber කොටස්
  • නිව්යෝක් සහ ලොසැන්ජලීස් හි අති සුඛෝපභෝගී දේපළ
  • music streaming service Tidal හි ඩොලර් මිලියන 100 ක් වටිනා කොටස්
  • ඩොලර් මිලියන 50 ක් වටිනා කලාකෘති එකතුවක්

සුපිරි තරුවක් වන ඔහුගේ බිරිඳ බියොන්සේගේ වත්කම ද ඩොලර් මිලියන 335 ක් බව මේ අතර ෆෝබ්ස් සඟරාව වාර්තාකරයි. එම වත්කම සැදුම් ගන්නේ ප්‍රධාන වශයෙන්ම සංගීතය සහ එන්ඩෝස්මන්ට්ස් වලිනි. මේ අනුව තවත් වසර කිහිපයක ඇවෑමෙන් ඇය ද බිලියනපති සංගීත ශිල්පීන්ගේ සමාජයට එක් වනු ඇත.

පසුගිය වසරේ ෆෝබ්ස් සඟරාවේ කවරයක්ද ජේයි ඉසෙඩ්ගේ රුවින් සැරසී තිබිණි. ඔහු එහි සිටියේ ලොව ලොකුම කෝටිපතියෙකු වන වොරන් බුෆේ සමග ය.

සුපිරි රැප් ගායකයෙකු වන Jay-Z වරක් තමන් ගැනම රැප් වලින් ගයා ඇත. ඒ කදිම පදවැල් මෙසේ ය.

“I’m not a businessman, I’m a business, man”!!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි