×

කොරෝනා මැඩලන්න මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 50ක්

.


ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරයමින් පවතින කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 50ක් මුදලක් වෙන් කර ඇත

මෙම මුදල් කොරෝනා හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති රටවල් සඳහා යොමු කෙරෙනු ඇති අතර පැතිරී යාම වැළැකිවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන්ද වෙන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන පරිදි කොරෝනා වෛරසයේ පැතිරී යාම හේතුවෙන් මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට වඩා අඩු මට්ටමක පවතී. චීනයෙන් පිටත තවත් රාජ්‍යයන් 70ක් දක්වා රෝගය ව්‍යාප්ත වීමත් සමග මෙම හදිසි පියවර ගැනීමට මූල්‍ය අරමුදල තීරණය කරන ලදී, ඒ අනුව මෙම සතිය තුළ ලොව පුරා රාජ්‍ය්‍යන් සහ මධ්‍යම බැංකු වෛරසයේ බලපෑම ලිහිල් කිරීම සදහා පියවර ගැනීමට සූදානමින් සිටී. දුර්වල සෙඛ්‍ය පද්ධති ඇකි දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන රටවලය මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට මූල්‍යමය ශකිතියක් වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අතරම අරමුදල පවසන්නේ කොරෝනා වෛරසයේ පැතිරී යාමත් සමග මෙම වසරේදී ශකිතිමත් ආර්ථික වර්ධනක් වෙනුවෙන් අපේක්ෂාවන් මැකිී ගොස් ඇති බවත් 2008 වසරේ ලෝකය මුහුණ දුන්ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු පළමු වරට 2020 වසරේදී  ගෝලීය නිමැවුම් හී ලාභය මන්දගාමී අනුපාතයක් දක්වා තල්ලු කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි