×

ඉරානයේ මූල්‍ය හිඟය පියවීමට තෙල් බැරලයක මිළ ඩොලර් 195කට!

ඇමරිකාව ට්‍රම්ප් පරිපාලනය යටතේ සය පාර්ශ්වික න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීමත් සමඟ නව සම්බාධක පැනවීම නිසා මෙම තත්ත්වය හට ගෙන තිබේ.


ලබන වසරේ අයවැය සමතුලිත කිරීම සඳහා ඉරානයට තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 194.6 ක මුදලකට නියම කිරීමට සිදුවනු ඇතැයි ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund: IMF) ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ දැඩි සම්බාධක වලින් පීඩා විඳින ඔපෙක් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයකු වන ඉරානයේ මෙම වසරේ මූල්‍ය හිඟය 4.5% ක් සහ ලබන වසරේදී 5.1% ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (28) දින නිකුත් කළ වාර්තාවක දැක්වේ. 

පසුගිය සිකුරාදා (25) දින තෙල් මිළ සම්බන්ධ ජාත්‍යන්තර මිණුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62 ට වඩා ඉහළ ගිය බව සටහන් වන ලදී.

ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් මීට තෙවසරකට පෙර පනවා තිබූ සම්බාධක තන්ත්‍රයක් ඉවත් වීමත් සමඟ 2015 වර්ෂයේදී ප්‍රධාන ලෝක බලවතුන් සය දෙනෙකු සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමෙන් පසුව එරට තෙල් ආදායම ඉහළ ගියේය. 

එහෙත් ට්‍රම්ප් පරිපාලනය 2018 වර්ෂයේදී එම ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසු පනවන ලද නව සම්බාධක මත එකී තත්ත්වය දුබල විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව ඉරානයේ පෙර පැවති 6% ක මූල්‍ය අවපාතය මෙම වසරේදී 9.5% දක්වා වර්ධනය වීමට හැකි බව පෙන්වා දෙයි. නමුත්, එරට සැබෑ දළ දේශීය නිශ්පාදිතයේ වර්ධනය තවත් බාල වීමට ඉඩ ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

ඇමරිකාව පැනවූ නව සම්බාධක හමුවේ ඉරාන රියාල් (මුදල් ඒකකය) අගය අවපාත වී ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රභල පහරක් එල්ල වී තිබේ. මෙම තත්ත්වය තුළ එරට වාර්ශික උද්ධමනය හිනිපෙත්තට නැඟ ඇති බැවින් ඉරානය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන අන්දමට එකී වාර්ෂික උද්ධමනය මෙම වර්ෂයේදී 35.7% ක් වශයෙන් සටහන් වී ඇති අතර, ලබන වර්ෂයේදී 31% වනු ඇති බවට සඳහන් වේ. එබැවින්, උද්ධමනය පාලනය කිරීම සඳහා ඉරාන බලධාරීන් නිල විනිමය අනුපාතය වෙළඳපල අනුපාතය සමඟ පෙළගැස්විය යුතු බවට එම අරමුදල ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ ඩොලර් බිලියන 103.2 සිට ඉරානයේ භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් බිලියන 60.3 දක්වා පහත වැටෙනු ඇති බවත් 2020 දී එය ඩොලර් බිලියන 55.5 දක්වා පහත වැටෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි