×

කිසිවෙකුට සම කළ නොහැකි වූ ප්‍රාඥයා ”ඉම්හොටෙප්”

පිරමීඩ තාක්ෂණය මිසරයට හඳුන්වා දුන්නේ ඔහුය.


ඉම්හොටෙප් කියූ සැණින් අපට මතක් වන්නේ ද මමී චිත්‍රපටය නැත්නම් ද මමී රූපවාහිනී කථා මාලාවයි නමුත් ඊජිප්තුවේ පිරමීඩ ඉතිහායේ සහ මමී ඉතිහාසයේ සුප්‍රකටම චරිතයක් මෙන්ම ඉතාමත් වැදගත් චර්තයක් ලෙස ඉම්හොටෙප් හැඳින්විය හැකිය.

ඉම්හෝටෙප් යන්නෙහි තේරුම වන්නේ සාමයට පැමිණි මිනිසා යන්නයි.

ඉම්හොටෙප් මීට අවුරුදු 4950 කට කලින් මිසරයේ ජීවත් වූ පාරාවෝ රාජ්‍යයයේ ඩ්ජොසර් අධිරාජ්‍යයාගේ උපදේශක නිළධාරියෙක් ලෙස කටයුතු කළ සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියාය. නමුත් වත්මන් ඊජිප්තු වැසියන්ට ඔහු මහාප්‍රාඥයෙකි. බෙහෝ ඇසූ පිරී තැනැත්තෙකි. කවියෙකි, විනිසුරෙකි, ඉන්ජිනේරුවෙකි, තාරකා විද්‍යාඥයෙකි. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකි. තනි මිනිසෙක් මේ තරමි දක්ෂයෙක් වන්නේ කෙසේද…? නිතැතින්ම ඔහු ඒ තරම් දක්ෂයෙක් බව ඔහු විසින් කළ කී දෑ පිළිබඳ සාක්ෂි විමසන ඕනෑම අයෙක්ට වැටහෙන්නේය.

මෙම්ෆිස් අසල උපන් ඔහු විස්මිත දේවල් රැසක් සිදු කළ අයෙකි. ඔහු වටා ගෙතුණු විස්තර පුදුම මෙන්ම අපූරු ඒවා විය. දිනපතා මත්පැන් පානය කළ බවට සැළකෙන ඔහු එතරම් උසකින් යුතු නොවූ මිටි කුඩා මිනිසෙකි.

අතීතයේ පුද්ගලයන්ට ඔහු දෙවියෙක් බඳු විය. ලෙඩ රෝග සුව කිරීමට අද මෙන් බෙහෝමයක් වෛද්‍යවරු නොමැති කාලයක සිටි ඉම්හොටෙප් අදටත් ලොව ලිඛිතව විස්තර සහිත ඉතිහාසය තුළ සිටි ප්‍රථම වෛද්‍යවරයා වෙයි.

තාරකා විද්‍යාව පිළිබඳව ඔහුට තිබූ දක්ෂකම නිසාම මායාකාරී වැඩ කරන්නක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ජනතාව ඔහුට ගරුකළා මෙන්ම බිය විය. ඒ ඔවුන්ට නොහැකි බෙහෝ දේ කළ හැකි වූ මිනිසෙක් බැවිනි. ඒ කෙතරම්ද යත් ඔහු මිය ගිය පසුත් ඔහුගේ සොහෝන් ගැබ ඉදිරියේ රෝග වලින් සුවය පතා ඊජිප්තු වැසියන් ඔහුට යාඥා කළහ. ඉම්හොටෙප් මියගිය පසු ඔහුගේ සිරුර තැන්පත් කළ මිසරයේ සක්කාරා (Saqqara) වල ඇති සොහොන රෝග සුව කරන දෙවොලක් සේ සැලකීමට මිසර වැසියෝ පුරුදු වූහ.


Edwin Smith Papyrus

ක‍්‍රි.පූ. 2980-2950 අතර කාලය ක්ෂේත්‍රයන් කිහිපයකට ඉමහත් සේවයක් කළ ඉම්හෝටෙප් අද පඩි පිරමීඩය නැත්නම් Step Pyramid ය නමින් සුප්‍රසිද්ධ පිරමීඩයේ නිර්මාණ කරුවාද වන්නේය.

ඔහු එය නිර්මාණය කළ බවට නිශ්චිත සාක්ෂි දැන් හමුවී ඇත. ඊජිප්තුවේ සක්රාහි ඓතිහාසික නටඹුන් අතර දැකිය හැකි මෙම පඩි පිරමීඩය මිසර පිරමීඩ අතරින් පැරණිතම පිරමීඩය ලෙස සැලකේ. ඒ අනුව මිනිසුන් විසින් සාදන ලද ගඩොලින් පිරමීඩ සැකසීමේ ගෘහනිර්මාන ශිල්පය ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම පුද්ගලයා ලෙසද ඉම්හොටෙප් හඳුන්වයි.

පුරාවිද්‍යාඥයින් පවසන ආකාරයට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු වූවා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප් ය.

ටොලමිගේ යුගයේ දී ඉම්හොටෙප්ව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ප්ටාගේ පුත‍්‍රයා ලෙසය. ඒ හේතුවෙන්ම බෙහෝ පුරා වෘත විසින් ඔහු මෙලොව පහළ වූ පළමු විද්‍යාඥයා මෙන්ම මිනිසුන් විසින් දෙවියකු බවට පත් කරන ලද පළමු විද්‍යාඥයා ද වන්නේය.නූතව වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටීස් ඉපදෙන්නට වසර 2200කට පෙර ඉම්හොටෙප්ගේ ආභාෂය හිපොක්‍රටීස්ට ලැබුණු බවටද සාක්ෂි ලැබේ මන්ද ඔහු විසින් භාවිතා කළ ව්‍යවච්ඡේදක විද්‍යාව සම්බන්ධ වාග් මාලාව හෙවත් එඩ්වින් ස්මිත් පැපිරස් ප්‍රථම වතාවට ඉම්හෝටෙප් විසින් හඳුන්වා දුන්නක් බව කියැවේ.

පැරණි ලේඛනවලට අනුව ඉම්හොටෙප්, ඩ්ජොසර් නම් පාරා අධිරාජයාගේ උපදේශකයා වූ අතර පඩි පිරමීඩය ඔහු විසින් සෝසර් අධිරාජ්‍යයා වෙනුවෙන් ඉදිකරන ලදැයි කියැවේ. ඊට අමතරව ඒ හා බැඳුන තවත් කථාවති ඔහු මෙම ස්මාරකය ඉදි කරන ලද්දේ නයිල් සිඳී යාම නිසා ඇති වූ සාගත තත්වය නිමා කරන ලෙස ඉල්ලමින් දෙවියන් සතුටු කිරීම පිණිස යැයි කියැවේ.
පාරාවෝ වංශික ඩ්ජොසර් රජු විසින් සිදු කර ඇතැයි සළකන සියළු සොයා ගැනීම් වල සැබෑ හිමි කරු වන්නේ ඉම්හෝටෙප්ය. අද ලෝකය තුළ සුප්‍රසිද්ධ නිර්මාණයන් සියල්ලෙහි ආදර්ශය ඉම්හෝටෙප්ය. මන්ද අද ගෘහනිර්මාන කටයුතු වලදී භාවිතා කරන උප ක්‍රම රැසක් ඉම්හෝටෙප් විසින් එදා මිසර රාජ්‍ය තුළ සොයා ගත් දෑ බිවිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි