×

අද සිදුවන ඉම්රාන් හා ට්‍රම්ප්ගේ ප්‍රථම හමුව, කාට වාසි සළසයිද?

ඉම්රාන් සහ ට්‍රම්ප් හමුව තුළ පකිස්ථානය ඉදුරාම FATF සම්බාධක ඉවත් කර ගැනීමට උත්සහා දරනු ඇත


අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසු පාකිස්ථාන නායක ඉම්රාන් කාන් අද ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ වොෂීන්ටන් හීදී හමුවීමට නියමිතව සිටී.
පසුගිය සමය පුරා පකිස්ථානය සහ ඇමරිකාව අතර පැවති අන්‍යොන්‍ය විරසකය සමග පකිස්ථානය වෙත යොමු වී තිබූ ඇමරිකානු මූල්‍යාධාරයන් සහ අනෙකුත් ආර්ථික වාසීන් අහිමි වී යමින් තිබිණි.
විශේෂයෙන්ම පකිස්ථානය වෙත ලැබුණ හමුදා කටයුතු සදහා වන ආධාර ඩොලර් මිලියන 300ක් පසුගියදා ට්‍රම්ප් විසින් නවත්වන්නට තීරණය කලේ අන්තවාදයට එරෙහි පකිස්ථානය සටන් කරන්නේ නැති බව පවසමිනි

එමෙන්ම පකිස්ථානය විසින් සුුළුතර ආගම් ආරක්ෂා කරනු ඇති බවට ඇමරිකාවේ බලාපොරොත්තුව විය.

ඉම්රාන් සහ ට්‍රම්ප් හමුව පිළිබදව අදහස් දක්වන ඔබ්සවර් රිසර්ච් ෆවුන්ඩේෂන්හී පර්යේෂක මනෝජ් ජෝෂි පවසන්නේ නැවතත් පකිස්ථානය සහ ඇමරිකාව සුපුරුදු මාර්ගයට අවතීරණය වනු ඇති බවයි. ඔහුගේ මතය වන්නේ මේ වන විට ඇමරිකාව විසින් නවතා ඇති පකිස්ථාන ආරක්ෂක ආධාර නැවතත් ආරම්භ කිරීමට දෙපාර්ෂවයම කැමැත්තෙන් සිටින බවයි. පසුගිය සමය තුළ පකිස්ථානය FATF හෙවත් Financial Action Task Force හී අදුරු රටක් ලෙස නම් කරන ලද්දේ ැමරිකාව විසින. Financial Action Task Force යනු අන්තර්ජාතික මූල්‍ය පද්ධතියට අනතුරුක් විය හැකි යැයි සිතිය හැකි ජාත්‍යන්තර මූළ්‍යමය අපරාධ, ත්‍රස්තවාදීන්ට මූල්‍යමය ආධාර සැපයීම ආදියට එරෙහිව 1989 වසරේදී ඇතිවූ අන්තර් රාජ්‍ය සංවිධානයකි. මේ වන විට රටවල් 37ක් මෙහි සාමාජිකත්වය දරයි.

ඉම්රාන් සහ ට්‍රම්ප් හමුව තුළ පකිස්ථානය ඉදුරාම FATF සම්බාධක ඉවත් කර ගැනීමට උත්සහා දරනු ඇත.
මින් පෙර ට්‍රම්ප් වරක් පකිස්ථානය විසිතර කර තිබුණේ ඇමරිකාවෙන් බෙහෝ දෑ ගත්තද කිසිවක් ඇමරිකාවට ලබා නොදෙන රටක් ලෙසය.

ට්‍රම්ප්ගේ මෙම අදහසට පිළිතුරු සපයමින් ටිවිටර් පණිවිඩයක් නිකුත් කළ පකිස්ථාන අගමැති වරයා පවසා සිටියේ ඇමරිකාව තමන්ගේ වැරදි වසා ගැනීමට පකිස්ථානය බිල්ලට නොගනිමින් සිතා බැලිය යුතු දෑ ඇති බවයි. ඔහු පැවසුවේ නේටෝ භටයින් සහ ඇප්ගනිස්ථාන භටයින් 250000 සහ ඩොලර් ට්‍රිලියනයක් ඇප්ගනිස්ථාන යුද්ධය සදහා ඇමරිකාව විසින් යෙදවුවද අන් කවරදාකටත් වඩා තලේබාන් සංවිධානය අද ශක්තිමත් ඇයිදැයි යන්න ඇමරිකාව විමර්ෂණය කළ යුතු බවයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන ප්‍රථම හමුවේදී දෙපාර්ෂවයට එකිනෙකා මත මෙතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පලකළ විරෝධී අදහස් පිළිබද මුහුණට මුහුණ සාකච්ඡා කරන්නට අවස්ථාවක් හිමි වනු ඇත. එමෙන්ම දෙරට සාකච්ඡා පිළිබදව ඉන්දියාව, ඇප්ගනිස්ථානය මෙන්ම චීනයේ අවධානයද මේ වන විට යොමු වී ඇත්තේ ඇමරිකාව සහ පකිස්ථානය අතර සම්බන්ධතා එකී රටවලට ද යම් ආකාරයකින් දේශපාලන ආර්ථික බලපෑම එක් කිරීම හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි