×

එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් පැවැත්වෙන වර්ෂය ”2019”

2019 වසරේ ලෝකය පුරා පැවැත්වෙන මැතිවරණ විත්ති.


ලෝකය පුරා රටවල් 50ක ඡන්දදායකයින් බිලියන දෙකක් කුමන කුමන හෝ ජාතික වශයෙන් පැවැත්වෙන ඡන්දයක් සදහා 2019 වසරේදී සිය ඡන්දය භාවිත කරනු ඇත.

2019 වසරේ ලෝකයේ පැවැත්වීමට නියමිත මැතිවරණ අතර ලොව විශාලතම ප්‍රඡාතාන්ත්‍රික රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියාවද ඇතුළත් වේ. ඉන්දියාව 2019 වසරේදී මහමැතිවරණයට මුහුණ දෙයි. ඒ සඳහා මිලියන 800ක් දෙනා ඡන්දය සදහා ලියාපදිංචි වී ඇත.

‍මේ අතර 2019 වසරේ පැවැත්වෙන ඡන්දය සදහා ලියාපදිංචි වී ඇති ඉන්දුනීසියානු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 187 වන අතර නයිජීරියානුවන් මිලියන 84ක් ද මේ වන විට ඡන්ද දායකයන් වශයෙන් ලියාපදිංචි වී ඇත.

රාජ්‍යය නායකයින් තෝරා ගැනීමේදී ලෝකයේ රටවල් වල පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ ක්‍රම තුනක් වේ.

  • ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමය.
  • මෙහිදී රටේ ප්‍රධානියා ජනපතිවරයා තෝරා ගැනීම සදහා රටේ ජනතාව ඡන්දය භාවිතා කරයි.
  • පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හෙවත් මහ මැතිවරණය
  • මෙහිදී සිදු කෙරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවන් සදහා ජනතාව විසින් සිය නියෝජිතයන් හෙවත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සිදු වේ. සාමාන්‍යයෙන් මෙහිදී අගමැතිවරයා හෝ රජයේ නායකයාව පත් කර ගැනීම ද සිදුවිය හැකිය. ඒ අනුව ඔවුන් විසින් නීති සම්පාදනය කිරීම සහ රටේපාලනය සිදු කරගෙන යෑම කරනු ලබයි. අගමැතිවරයෙකු නොමැති රටවල් ලෙස දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ඇමරිකා එක්සත්ජනපදය ආදී රටවල් උදාහරණ ලෙස දැක්විය හැකි අතර එම රාජ්‍යන්හි ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේද ජනපතිවරයාය.
  • මහජන ඡන්දය
  • මෙහිදී රටේ ජනතාව විසින් රාජ්‍යයේ ප්‍රධානියා මෙන්ම අනෙකුත් ප්‍රාදේශීය හා සන්ධීය නියෝජිතයින් තෝරා ගැනීම සිදු කරයි.

2019 වසරේ මැතිවරණ පැවැත්වෙන ලෝකයේ රටවල් ගණන 53 ක් වන අතර, පහත දැක්වෙන්නේ එම 2019 ලෝකයේ ඡන්ද කැලැන්ඩරයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි