×

පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද අවුරුදු 125ක් වයසැති ස්වාමි සිවානන්ද

මානව සුබසාධනය සඳහා තම ජීවිතය කැප කරමින්, ඔහු පසුගිය වසර 50 පුරාවට පූරි හි ලාදුරු රෝගීන්ට සේවය කරනු ලබයි.


ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය යෝගා ගුරු ස්වාමී සිවානන්ද වෙනුවෙන් පසුගියදා පිරිනැමිණි.

මානව සුබසාධනය සඳහා තම ජීවිතය කැප කරමින්, ඔහු පසුගිය වසර 50 පුරාවට පූරි හි ලාදුරු රෝගීන්ට සේවය කරනු ලබයි. එමෙන්ම යෝගා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවාව මෙන්ම කොවිඩ් වලට එරෙහිව එන්නත් ලබා ගැනීම සඳහා රටවැසියන් පෙළඹවීමට ඔහුගේ කැපවීම ඇතුළු හේතුන් රැසක් සම්මානයට පාත්‍ර වීමට හේතු විය.

මේ වන විට 125වන වියේ පසුවන ඔහු බොහෝම නිරෝගීව පසුවන බව වාර්තා වේ. සිය දිගුකාලීන ජීවිතය පුරාවට යෝගා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කර ඇති අතර සෞඛ්‍ය සම්පන්න සහ දිගු ආයු කාලය ලොව පුරා අවධානයට ලක්ව ඇත. ඔහු සිය සම්මානය ලබා ගැනීමට රාෂ්ට්‍රපති භවන් හි පාවහන් නොමැතිව ගමන් කරන විට ඔහුට පැමිණ සිටි සියලු දෙනාගේ ප්‍රශංසා හිමිවූ අතර අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඉදිරියේ ද වැඳ වැටෙන විට උත්සවයේ අමුත්තන්ගෙන් විශාල අත්පොලසන් හඬක් නැගෙනු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝවල දක්නට ලැබේ.

මේ වන විට ස්වාමි සිවානන්ද පද්ම ශ්‍රී සම්මානයට අමතරව 2019 වසරේ බැංගලෝර්හිදී යෝග රත්න සම්මානය ඇතුළු විවිධ සම්මානවලින් පිදුම් ලබා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි