×

දුප්පතුන්ගේ ලෝකය

එවන් වූ දරුවන්ගේ ළමා කාලය වටිනා ක්‍රීඩා භාණ්ඩ හෝ ක්‍රීඩා පිටි තුළ ගත නොවූවත්, වගා බිමි, දූෂිත ගංගා ඇල දොළ, කසල කදු ඔවුන්ගේ ක්‍රීඩා පිටි බවට පත් වී ඇත.


දිළින්දන්ගේ ලෝකයේ ළමා කාලය අසීමාන්තික දුෂ්කරතාවලින් පිරි එකක් විය යුතුය. සෞඛ්‍ය පහසුකම් කිසිත් නැති, රෝගවලින් පිරුණු, හරි හැටි පාවහන් දෙකක් හෝ ඇඳුමක් නොමැති ඔවුන්ගේ ජීවිතය ට අධ්‍යාපනයද බොහෝ දුරය.

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔවුන්ගේ අනාගතය අපහැදිලිය.

අද වන විට ලෝක ජනගහණයෙන් හරි අඩකගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 2.50ට වඩා අඩුය. එමෙන්ම මිලියන 400 දරුවන්ට හිමිවී අන්ත දිළිදු ජීවිතයකි. ඒ නිසාම සෑම වසරකදීම මිලියන 6ක් දරුවන් සිය 5 වන උපන්දිනය සැමරීමටත් පෙර මන්දපෝෂණය නිසා මිය යති. එවන් වූ දරුවන්ගේ ළමා කාලය වටිනා ක්‍රීඩා භාණ්ඩ හෝ ක්‍රීඩා පිටි තුළ ගත නොවූවත්, වගා බිම්, දූෂිත ගංගා ඇල දොළ, කසල කදු ඔවුන්ගේ ක්‍රීඩා පිටි බවට පත් වී ඇත. ඒ නිසාම මිලියන ගණනක් දිළිදු දරුවන් විවිධ රෝග හේතුවෙන් මිය යන්නේ සනීපාරක්ෂාව කියා දෙයක් ඔවුනගේ ජීවිත වලට කිසිදු ලෙසකින් නොමැති වීම හේතුවෙනි. මේ කෙළි දෙළෙන් ගෙවෙන ඔවුන්ගේ ජීවිත වලින් සමහරක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි