×

මිනිස්කම නීච වී, න්‍යෂ්ටික යුද්ධයක අවදානම උච්ච වේ

පසුගිය වසරේ අවස්ථා තුනකදී ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයකට එළිපත්තට ගිය බව ජිනීවා පර්යේෂකයෝ පෙන්වා දුන්හ.



න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ මොහොතේ ඉහළම තත්ත්වයට පත් වී තිබේ. මේ බව හෙළි කරන්නේ එක්සත් ජාතීන්ගේ නිරවිකරණ පර්යේෂණ ආයතනය විසිනි.

ජිනීවා නුවර දී එහි පර්යේෂකයන් පෙන්වා දුන්නේ ගෝලීය න්‍යෂ්ටික අර්බුදයක අවදානම ලෝකය විසින් වහාම ආමන්ත්‍රණය කළ යුතු තත්ත්වයකට පත්ව ඇති බවයි. එනම් එය හදිසි ගැටලුවක් බවට පත්වී ඇති බවයි. න්‍යෂ්ටික අවි තහනම් කිරීම සඳහා එක්සත් ජාතික ජාතීන් විසින් ගෙන ආ සම්මුතියට ලෝකයේ රටවල් එකසිය විසි දෙකක් 2017 ජූලි මාසයේදී මාසයේ දී අත්සන් තබා ඇත.

නමුත් අවම වශයෙන් රාජ්‍ය 50 ක් විසින් එය අපරානුමත කළ යුතු නමුත් මේ දක්වා එසේ කර තිබෙන්නේ රජයන් විසි තුනක් පමණය. එයට තරයේ විරුද්ධ රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව ප්‍රධාන තැනක් ගනී. කෙසේ හෝ මෙහි අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ මෙම න්‍යෂ්ටික ආයුධ තහනම් කිරීමේ ජගත් සම්මුතිය බල රහිත එකක් බවට පත් වීමයි.

පසුගිය වසරේ අවස්ථා තුනකදී ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයකට එළිපත්තට ගිය බව ජිනීවා පර්යේෂකයෝ පෙන්වා දුන්හ. එනම් ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර සීතල යුද්ධය කොටස් කරගන් ඇමරිකාව සහ රුසියාව අතර ආතතිමය තත්ත්වයක් ගණනාවක් පසුගිය වසරේ වාර්තා වේ.

න්‍යෂ්ටික යුද්ධයේ එළිපත්තට ලෝකය පැමිණ සිටීම අවස්ථා තුනකින් පැහැදිලි කිරීමට පුළුවන්.

1.ලෝකයේ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගෝලීය වේදිකාවෙන් විශාල කොටසක් ඇමරිකාව සහ චීනය අතර පවතින ආයුධය අධිකාරයට නතු වී ඇත.

2.න්‍යෂ්ටික ආයුධ බලය සහිත සියලුම රටවල්  කිසියම් ආකාරයක න්‍යෂ්ටික වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.

3. ප්‍රතිඵලය ලෙසට න්‍යෂ්ටික බලවතා වීමේ තරගය
නමුත් අවාසනාවකට වගේ මෙන් මෙම ප්‍රශ්නයේ බරපතළකම  පිළිබඳව මාධ්‍ය අවධානය තවමත් නිසි පරිදි යොමු වී නැති බවත්  එහිදී ප්‍රකාශ වුණා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි