සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා Oxford Poverty and Human Development Initiative (OPHI) සමඟ එක්ව අද(17) නිකුත් කරන වාර්තාවකට අනුව, ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් සියයට 83.2 ක් උප සහරා අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ජීවත් වන බව වාර්තා වේ.
රටවල් 112 ක් සහ බිලියන 6.3 ක ජනතාවක් විසින් කරන ලද පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඉන් බිලියනයකට අධික ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයේ ජීවත් වන අතර, ඔවුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ගැටුම් අත්විඳින රටවල වේ.
පසුගිය වසරවල ගැටුම් උත්සන්න වී වැඩි වී ඇති අතර ජීවිත හානිවල නව ඉහළ මට්ටම් කරා ළඟා වෙමින්, වාර්තාගත මිලියන ගණනක ජනතාවක් අවතැන් කර එම තත්වයන් ජීවිත හා ජීවනෝපායන් සඳහා බලපෑම් කර ඇත.
දරිද්‍රතාවය මැනීම සඳහා ප්‍රමාණවත් නිවාස නොමැතිකම, සනීපාරක්ෂාව, විදුලිය, ඉවුම් පිහුම් ඉන්ධන, පෝෂණය සහ පාසල් පැමිණීම වැනි දර්ශක භාවිතා කර ඇති අතර දර්ශකය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 18ට අඩු මිලියන 584ක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පෙළෙන අතර සාමකාමී රටවල සියයට 1.1 හා සසඳන විට ගැටුම් තත්වයන් තුළ ළමා මරණ අනුපාතය සියයට 8 ක් වන බවයි.
ඉන්දියාව එහි ජනගහනය බිලියන 1.4 න් මිලියන 234 කට බලපෑ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන විශාලතම ජනතාව සිටින රට වන අතර ඉන් අනතුරුව පකිස්ථානය, ඉතියෝපියාව, නයිජීරියාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වේ.