×

මෝදිටත් සහනයක් නැති Covid 19

මේ වන විට ඉන්දියාව තුළ COVID 19 වසංගත සිඝ්‍රයෙන් ව්‍යාපත් වෙමින් පවතින අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් ආසාදිතයින් 22,771ක් හඳුනා ගෙන තිබේ. 


මේ වන විට ඉන්දියාව තුළ COVID 19 වසංගත සිඝ්‍රයෙන් ව්‍යාපත් වෙමින් පවතින අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් ආසාදිතයින් 22,771ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි දිනක් තුළ වැඩියෙන්ම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ඊයේ (04) දිනයේදීයි.

මේ සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් 648,315ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මරණ 18,655ක් සිදුව තිබේ.

394,200 කට වැඩි පිරිසක් සුවය ලබා තිබෙන අතර 235,433ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සඳහන් කරන පරිදි රට පුරා මිලියන 9කට වැඩි කොරෝනා පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇත.

පසුගිය සිකුරාදා දින පමණක් පරීක්ෂණ 242,383ක් සිදුකර ඇති බව සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි