×

ඉන්දීය රජය පාසැල් දරුවන්ට ”ගෙදර වැඩ” සහ ”වැඩි බර පාසැල් බෑග්” තහනම් කරයි

ඉන්දීය වාණිජ සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ පාසැල් දරුවන් 68%ක් කොදු ඇට පේළිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වී සිටින බවයි.


පාසැල් දරුවන් වෙත ගෙදර වැඩ ලබා දීම සහ විශාල පාසැල් බෑග පාසල වෙත ගෙන එම නවතන ලෙස ඉන්දීය රජය එරට පාසැල් බලධාරීන් වෙත චක්‍රලේඛයක් මගින් නියම කරන ලදී.

පාසැල් දරුවන් ගේ කොදු ඇට පෙළ ආශ්‍රිත රෝග ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබදව සළකා බලා මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව එරට රජය විසින් පාසැල් දරුවන් ගේ පොත් බෑග සදහා නියමිත බර ප්‍රමාණ නියම කර ඇති අතර එවා දරුවාගේ වයසට සාපේක්ෂව නියම කර ඇත‍

ඉන්දීය වාණිජ සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ පාසැල් දරුවන් 68%ක් කොදු ඇට පේළිය ආශ්‍රිත රෝග වලට ගොදුරු වී සිටින බවයි.
මෙම සමීක්ෂණය සදහා එරට ප්‍රධාන නගර වල පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500ක් යොදා ගෙන ඇති අතර ඒ අතරින් 88% වැඩි පිරිසක් වයස අවුරුදු 7ත් 13ත් අතර දරුවන් තම බරට වඩා 45ක් බරක් ඔසවාගෙන යනු ලබන බන නිරීක්ෂණය කර ඇත‍
එමෙන්ම බහුතරයක් ග්‍රාමීය පාසැල් වල දරුවන් මෙම විශාල බර ඔසවාගෙන විශාල දුරක් පයින් ගමන් කිරීමද ඔවුන්ගේ මෙම දුර්වල සෞඛ්‍ය තත්ත්වයට හේතුවක් වී ඇත.

රජය විසින් නිකුත් කළ චක්‍රලේකයේ සදහන් වන පරිදි පළමු වසර සහ දෙවන වසර දරුවන් පාසැලේ සිට නිවසට පොත් රැගෙන එෟමට අවශ්‍ය නොවන බවත් නියම කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි