×

ඉන්දීය මාධ්‍ය මර්දනය; කාශ්මීර මාධ්‍යවේදිනී සන්නා ඉර්ෂාඩ් මටූට පුලිට්සර් ත්‍යාගය ලබා ගැනීම අහිමිවන ලකුණු

දශක ගනනාවක් තිස්සේ පවතින ගැටුම් වාර්තා කරන මාධ්‍ය වේදීන් රැසකට ඉන්දීය රජය පදනම් විරහිතව ගුවන් තහනම් පනවා ඇත.


Covid-19 වසංගතය ආවරණය කිරීම වෙනුවෙන් පුවත්පත් කලාවේ වඩාත්ම කීර්තිමත් සම්මානය වන පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලබා ඇති සන්නා ඉර්ෂාඩ් මටූ එක්සත් ජනපදය බලා යාම නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුප‌ළේ ආගමන විගමන බලධාරීන් විසින් නවතා ඇති බව වාර්තා වේ.

ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මෙම සම්මානනීය අවස්ථාවට සහභාගී වීම කිසිදු හේතුවක් ප්‍රකාශ නොකර වලංගු වීසා සහ ප්‍රවේශ පත්‍රයක් තිබියදීත් ඉන්දීය බලධාරීන් විසින් වලක්වාලීම පිළිබඳ ඇය අතිශය කලකිරීමෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණ.


මේ වන විට 28 හැවිරිදි සන්නා ඉර්ෂාඩ් මටූ රොයිටර් පුවත් ඒජන්සියේ සේවය කරන මාධ්‍යවේදීන් හතර දෙනාගෙන් කෙනෙකි. ඇය නතර කළේ ඇයිද යන්න පිළිබඳව ඉන්දීය රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඇය ගුවන් ගමන් තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව Press Trust of India පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙලෙස දශක ගනනාවක් තිස්සේ පවතින ගැටුම් වාර්තා කරන මාධ්‍ය වේදීන් රැසකට ඉන්දීය රජය පදනම් විරහිතව ගුවන් තහනම් පනවා ඇත. ඉන්දියාවේ හින්දු ජාතිකවාදී ආණ්ඩුව මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව එහි මර්දනය තීව්‍ර කර ඇත.

කාශ්මීරය යනු මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයක් වන අතර, ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම එම කලාපයට හිමිකම් කියයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි