×

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ උරගයින්ට පාර මාරු වීමට තැනූ Eco Bridge පාලම

මෙම පාලම මේ වන විටත් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා මේ අසල නවත්වා ඡායාරූප ගැනීමට අමතක නොකරයි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මෙම පාලම ඉක්මනින් සතුන්ව​ද ආකර්ෂණය කර ගැනීමට සමත් වනු ඇති බවයි.


ඉන්දියාවේ කඳුකර උත්තර්කන්ද් ප්‍රාන්තයේ කාර්යබහුල අධිවේගී මාර්ගයක් තරණය කිරීම සඳහා වන ජීවී නිලධාරීන් විසින් උරගයින් සහ අනෙකුත් කුඩා සතුන් සඳහා සුවිශේෂී පාලමක් ඉදිකර තිබේ.

උණ, ජුට් සහ තණකොළ වලින් සාදන ලද අඩි 90 (මීටර් 27) උසැති මෙම “Eco Bridge” පාලම මෙවැනි ආකාරයේ පළමු වැන්න බව එරට මාධ්‍ය පවසයි.

ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් වන නයිනිටාල් ප්‍රදේශය වෙත දිවෙන මෙම මාර්ගයේ වේගයෙන් ධාවනය වන මෝටර් රථවලට යට වීමෙන් බොහෝ සතුන් මරණයට පත්ව ඇත.

පාලම වෙත සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා නිලධාරීන් මේවන විට විවිධ වැල් වර්ග සහ තණකොළ පාලම අවට හා ඒ පුරා වගා කරමින් සිටියි.

මෙම පාලම මේ වන විටත් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා මේ අසල නවත්වා ඡායාරූප ගැනීමට අමතක නොකරයි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මෙම පාලම ඉක්මනින් සතුන්ව​ද ආකර්ෂණය කර ගැනීමට සමත් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි