×

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් 30,000 ඉක්මවයි

මෙම වසංගතය ආරම්භයේ පටන් රට පුරා පරීක්ෂණ මිලියන 12.7කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී පමණක් සාම්පල් 326,00 ක් පමණ පරික්ෂා කර ඇති බවයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පවසන්නේ. 


මේ වන විට ඉන්දියාව තුළ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 30,000 ඉක්මවා තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය  කර ඇති පරිදි ගෙවුණු පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 32,695 වාර්තා වී තිබේ.

එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව බවයි දැක්වෙන්නේ.

මේ වන විට රට පුරා Covid 19 ආසාදිතයින් 968,876ක් වාර්තා වී ඇති අතර මරණ 24,915 සිදුව ඇති බවද  සඳහන්.

එමෙන්ම 612,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද එරට වාර්තා පෙන්වාදෙයි.

මෙම වසංගතය ආරම්භයේ පටන් රට පුරා පරීක්ෂණ මිලියන 12.7කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී පමණක් සාම්පල් 326,00 ක් පමණ පරික්ෂා කර ඇති බවයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පවසන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි