×

ඉන්දීය අධිකරණය ඉස්ලාම් තලාක් දික්කසාදය අපරාධ වරදක් ලෙස අර්ථ දක්වයි

තෙවරක් තලාක් යැයි කීවූ සැණික් සිය බිරිඳව දික්කසාද කිරීමට මෙම ක්‍රමය තුළ පුරුෂයාට හැකි විය.


මෙතෙක් ඉන්දීය මුස්ලිම් සමාජය තුළ තිබූ පුරුෂයාගේ ඕනෑකම මත ඉතා පහසුවෙන් සිය බිරිද දික්කසාද කිරීමේ සරල ක්‍රමය අපරාධ රදක් බවට ඉන්දීය අධිකරණය විසින් නම් කරනු ලැබීය.

ට්‍රිපල් තලාක් නමින් හදුන්වන මෙම ක්‍රමයේදී සිදු කරනුයේ බිරිදව දික්කසාද කිරීමේ අරමුණින් කුමන හෝ සන්නිවේදන ක්‍රමයක් මගින් ස්වාමි පුරුෂයා තම බිරිට තලාක් යන වචනය තෙවතාවක් භාවිත කිරීම පමණකි. එසේ වූ සැණින් ඇයව දික්කසාද කිරීමේ අයිතිය ඔහුට හිමි වේ. තලාක් යන්නෙහි අර්ථය දික්කසාදය යන්නයි.
2017 වසරේදී මුල්ම වතාවට ඉන්දීය අධිකරණය විසින් තලාක් දික්කසාදය ව්‍යවස්ථානුකූල නොවන බව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී,
තලාක් දික්කසාදය මෙලෙස සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමත් සමග එම වරද සිදු කරන පුද්ගලයන් වසර 3ක් දක්වා සිර ගත කළ හැකිව ඇත.
මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ..
යල් පැන ගිය සහ පුරාතන යුගයේ රීතියක් අවසානයේ කුණුකූඩයට දැමීම ට හැකිවීම ඓතිහාසික වන බවයි.
සමාජයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් ඉදිරිගාමී පිළිවෙතක් බවද ඔහු පවසා ඇත.

තවත් ඉස්ලාමීය රාජ්‍යයන් වන ඊජීප්තුව ‍, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් ද මෙම තලාක් දික්කසාද ක්‍රමය නීති විරෝධී බවට පත් කර ඇත.
මෙම අධිකරණ තීරණය වෙනුවෙන් විරුද්ධ වන ඉන්දීය විපක්ෂය ඇතුළු ඇතැම් ඉස්ලාමීය සංවිධාන පවසන්නේ මෙය රජය විසින් පුද්ගලික ජීවිතයේ කරුණු වලට ඇගිලි ගැසීමක් බවයි.

නමුත් බහුතරයක් ඉස්ලාම් කාන්තාවන් අධිකරණ තීරණය සමබන්ධ සිය ස්ථූතිය සහ සතුට ප්‍රකාශ කළහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි