×

සිය ගුවන් නියමුවන් දෙදෙනා නැවත භාර දෙන්නැයි ඉන්දියාව පාකිස්ථානයට අභියෝග කරයි.

ගුවන් නියමුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ දෙඇස් බැද තුවාල සහිත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.


පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනා ඉන්දියාවට භාර දෙන ලෙස පාකිස්ථානයට අභියෝග කරමින් සිටී. ඉන්දියාව විසින් ගුවන් ප්‍රහාර සදහා පාකිස්ථාන දේශ  සීමා වෙත එවන ලද ඉන්දීය ගුවන් යානා දෙකක් පාකිස්ථානය විසින් බිම හෙළනු ලැබූ අතර මෙම ගුවන් නියමුවන් අත් අඩංගුවට ගනු ලැබීය.

තම දේශ සීමාවට පැමිණ අසාධාරණ ලෙස සිවිල් වැසියන් පීඩනයට පත් කරමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අසාධාරණ බව පාකිස්ථාන ජනපති වරයා විසින් ප්‍රකාශයක්ද නිකුත් කළ අතර . ඉන්දියාව ප්‍රකාශ කළේ තම ප්‍රහාර එල්ල කර ඇත්තේ කාශ්මීර කැරළි කණ්ඩායම් වෙත පමණක් බවයි.

ගුවන් නියමුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ දෙඇස් බැද තුවාල සහිත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. ඒ පිළිබදව ඉන්දියාව පවසා ඇත්තේ තුවාල ලත් පුද්ගලයන් සහිත ඡායාරූප නිකුත් කරමින් පාකිස්ථානය විසින් සිදු කලේ අයහපත් ක්‍රියාවක් බවයි.

අත්අඩංගුවට ගත් ගුවන් නියමුවන් දෙදෙනා ජාතියේ වීරයන් ලෙස ඉන්දීය සමාජ මාධ්‍ය විසින් නම් කර තිබූ අතර බහුතරයකගේ මතය වූයේ දෙරටම යුද්ධයක් සදහා නොයා යුතු බවයි ඔවුන් #SayNoToWar යන සටහන සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි