×

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

කොරෝනා වෛරසය ඉන්දියාවේ කුඩා ගම්මාන කරා ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තා ගත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,005,760 ලෙස සටහන් වන අතර, කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 25,619 ලෙස සටහන් වේ.

කොරෝනා වෛරසය ඉන්දියාවේ කුඩා ගම්මාන කරා ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මීට හේතුව ලෙස සැලකෙන්නේ වසා තැබීම (lockdown) බොහෝසෙයින් ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබීමයි.

මේ වන විට ඉහළම කෝරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් පෙන්නුම් කරන රටවල් අතර ඉහළම ස්ථානයේ පසුවන්නේ ඇමරිකාව හා බ්‍රසීලයයයි.

මේ අනුව බලන කළ ඉන්දියාවේ වත්මන් තත්වය ඒ හා සමානවම පාහේ අවධානයට යොමු ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි