×

සත් වසකට පසු නිර්භයා සමූහ දූෂකයන් අද නව දිල්ලියේදී එල්ලා මරා දමයි

"අද, අවුරුදු හතකට පසු යුක්තිය ඉටුවී ඇත,"


2012 වසරෙදී ඉන්දීය තරුණියක බසයක් තුළදී සමූහ දූෂණයට ලක් කර ඇයව මරා දැමූ සිවු දෙනෙකු සදහා ඉන්දීය අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු ඔවුන් සිවු දෙනා අද උදෑසන නවදිල්ලියේ තිහාර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමිණ. මේ පිළිබද අදහස් දක්වමින් තිහාර් බන්ධනාාරයේ ප්‍රධානී සන්දීප් ගෝපාල් පවසන්නේ 2015 වසරෙන් පසු ඉන්දියාව මරණ දණ්ඩනය සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

කාය වර්ධන උපදේශක විනය ශර්මා, බස් රථ සහායක අක්ෂේ තාකූර්, පළතුරු වෙළෙන්දෙකු වන පවන් ගුප්තා, සහ මුකේෂ් සිං යන අය මෙසේ එල්ලා මරා දැමිණ.
මේ පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ”යුක්තිය ඉටු වූ බවයි” කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සහතික කිරීම අතිශයින් වැදගත් ” යනුවෙනි.

2012 වසරේ දෙසැම්බර් 16 දින සිදුවූ මෙම අපරාධය දැවැන්ත විරෝධතා ජාත්‍යන්තර වශයෙන් ඇති වීමට තුඩු දුන්නේය. මෙහි වින්දිතයා වූ වෛද්‍ය ශිෂ්‍යාව ඉන්දීය මාධ්‍ය විසින් නිර්භයා යන අන්වර්ථ නාමයෙන් හදුන්වා දෙන ලද්දේ ඇගේ සැබෑ නම භාවිත කිරීම ඉන්දීය නීතිය යටතේ තහනම් වීම හේතුවෙනි.

“අද, අවුරුදු හතකට පසු යුක්තිය ඉටුවී ඇත,” ඇගේ මව මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. “මම ඉන්දියානු අධිකරණයට ආචාර කරමි. අපගේ ඉල්ලීමට කන්දීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමි … මගේ දියණියගේ ආත්මයට දැන් සාමයෙන් සිටිය හැකිය.”

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එක් සැකකරුවෙකු වන රාම් සිං 2013 මාර්තු මාසයේදී සිර මැදිරිය තුළ සිය දිවි නසා ගන්නා ලදී, අනෙක් සැක කරු වයස අවුරුදු 17ට අඩු අයෙකු වීම මත ඔහුව පුනරුත්තාපනය සදහා යොමු කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි