×

පුරවැසි පනත සහ මුස්ලිම් භීතිකාව නිසා ඉන්දියාව උණුසුම්

රටවල් තුනකින් පැමිණි මුස්ලිම් නොවන සුළුතරය හට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාගැනීමට ඉඩ සලසන පරිදි ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කිරීමට එරෙහිව මේ වන විට උණුසුම්කාරී තත්වයක් වර්ධනය වී ඇත.


CAB වන කෙටි නමින් හඳුන්වන පුරවැසිභාවය සංශෝධන පනත (The Citizenship Amendment Bill) ඊයේ දිනයේ ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබිණි.

එය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ආණ්ඩුව විසින් හඳුන්වා දෙන්නේ අවදානමට ලක්වී සිටින සුළු ජාතිකයන් හිංසනයන්ගෙන් වළක්වාගැනීම සඳහා ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙස ය.

නමුත් විචාරකයෝ මේ ගැන විවේචන 2 ක් ඉදිරිපත් කරති.

– එය මගින් මුස්ලිම් ජාතිකයන් ව තවදුරටත් ආන්තීකරණයට සහ කොන් කිරීමට ලක් කරයි.
– ඉන්දියාවේ නිරාගමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය මරු පහරකි.

මෙම සංශෝධන පනත අනුව,

  • බංග්ලාදේශය
  • පාකිස්ථානය
  • ඇෆ්ගනිස්ථානය

යන අසල්වැසි රටවලින් ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්තවලට පැමිණෙන මුස්ලිම් ජාතිකයන්ට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාගැනීමට ඉඩ සැලසේ.

මෙමගින් අසාමාන්‍ය ලෙස මුස්ලිම් ජාතිකයන් ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇති බවට ද මතයක් තිබේ.

ඉන්දියාව නොසන්සුන්

ඇසෑම් සහ ත්‍රිපුර ප්‍රදේශවල මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇති අතර, ඒ සඳහා මුලිකත්වය ගෙන තිබෙන්නේ ආදිවාසී ජනතාවයි. සිය ජීවන තත්වය සහ ජනගහන අනුපාතිකය සංක්‍රමණිකයන් හේතුවෙන් වෙනස් වේ යැයි ඔවුහු සිය කෝපය පළ කරති.
ඉන්දියාවේ ඊශාන දිග පළාත තුළ ආදිවාසී සුළුතර ජන කණ්ඩායම් 200 ක් පමණ ජීවත් වේ. තවද මෙම ඇසෑම් හා ත්‍රිපුර යන ප්‍රාන්ත දෙකේම දේශසීමා බංග්ලාදේශයේ දේශසීමාව සමග සමපාත වී ඇත. මේ අනුව නව නීතිය නිසා වැඩිම බලපෑමක් ඇති විය හැකි ප්‍රාන්ත ලෙස මේවා හඳුනා ගැනේ.

‘‘අපි ඇසෑම් වාසීන් වීම ගැන ආඩම්බර වන්නෙමු‘‘ සහ
‘‘ත්‍රිපුර, නීතිවිරෝධී සංක්‍රමණියන්ට කුණු ගොඩක් නොවේ‘ යනාදී ජාතිවාදී වැකි සහති සටන් පුවරු ඔවුන් විසින් ප්‍රදර්ශනය කෙරිණි.

පොලිසිය බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් යොදාගෙන පිරිස මර්දනය කළ අතර, උතුරු හා ඊශාන දිග ඉන්දියාවේ අන්තර්ජාල පහසුකම් ද මේ වන විට අත්හිටුවා ඇත.

පිරිස් පාලනය සඳහා මේ වන විට යුද හමුදාව ද යොදවා ඇත.

People walk past vehicles set on fire by demonstrators protesting against the Citizenship Amendment Bill (CAB) in Guwahati, India, Wednesday, December 11,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි