×

ලෝකයේ විශාලතම මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය හඳුන්වා දීමට ඉන්දියාව සැරසෙයි

එරට ප්‍රාන්ත 29ට අදාළ පොලිස් මූලාස්ථාන වලට රටේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණක් හදුනා ගැනීමේ පහසුකම හා ඒ අනුව අදාල පුද්ගලයාගේ දත්තයන් හදුනා ගැනීම සදහා එක්ම පද්ධතියක් නිරමාණය කිරීම අරමුණු කර ඇත


අවශ්‍ය ඕනෑම අවස්ථාවක පුද්ගලයන්ගේ මුහුණු හදුනා ගැනීම සදහා දත්ත පද්ධතියක් හදුන්වා දීමට ඉන්දියාව සැළසුම් කරමින් සිටී,

එමගින් ආරක්ෂක අංශ විසින් ක්‍රියත්මක කරන දත්ත පද්දධියක් තුළට ඇතුල් කරන ලද පුද්ගලයන්ගේ මුහුණූ වල ඡායාරූප ගබඩා කර තබා ගැනීම සිදු කරනු ලබයි. එහිදී  කුමන හෝ අපරාධයක් සම්බන්ධව අපරාධ කරුවන් සොයා ගැනීම සම්බන්ධව මෙන්ම කවුරුන් හෝ අතුරු දහන් වූ පුද්ගලයෙකු පහසුවෙන් සොයා ගැනීම මූලික වශයෙන්ම මෙමගින් සිදු කළ හැකි වේ.

ඉන්දියානු රාජ්‍ය නොවන සංවිධානයක් වන බච්පන් බචාවෝ ආන්දෝලාන් හා අනුබද්ධව කටයුතු කරන ළමා ශ්‍රමිකයන් පිළිබද ක්‍රියාකාරිකයකු විසින් මීට මාස 15 කට පෙර මේ පිළිබදව නියමු වැඩසටහනක් දියත් කර ඇත,

ඉන්දියාවේ අතුරුදහන් වූ දරුවන්ගේ ඡායාරූප ඇතුළත් පොලිස් දත්ත පද්ධතිය සමග එරට රටේ ළමා රැකවරණ ය හා සම්බන්ධ ආයතන වල ජීවත්වන සියලුම බාල වයස්කරුවන්ගේ මුහුණු සැසදීම මගින් වසර ගණණාවකට පෙර අතුරුදන් වූ දරුවන් දෙමාපියන් වෙත සොයා දීමට මෙම ව්‍යා පෘතිය මගින් සිදුව ඇත.


ඉන්දීය ආරක්ෂක තොරතුරු අනුව දරුවන් 3000000 අධික පිරිසක් අතුරු දන් වූ බවට වාර්ථා වේ. එමෙන්ම දරුවන් 100000අධික පිරිසක් ඉන්දියාවේ ළමා රැකවරණ මධ්‍යස්ථාන වල ජීවත් වේ. එමෙන්ම විශාල වශයෙන් දරුවන් ළමා මෙහෙකාර සේවයේ යොදවමින් සිටී. ඔවුන් සියල්ලන් හදුනා ගැනීම ඉතා පහසුවෙන් සිදු කර ගත හැකි වන පරිදි පොලීසිය මගින් පවත්වාගෙන යන පුද්ගල මුහුණු දත්ත පද්ධතියක් මේ යටතේ නිර්මාණය වනු ඇත.

ඉන්දීය රජයේ සංඛ්‍යාලේඛන අනුව සෑම පුද්ගලයින් 100000කටම සිටින්නේ පොලිස් නිළධාරීන් 144 දෙනෙකු පමණි. ඒ මෙවැනි මුහුණු හදුනා ගැනීමෙි පදිධතියක් මගින් ජන ජීවිත වල ආරක්ෂාව ඉතා හොදින් සැළසෑමට හැකි වනු ඇති බව එරට රජය පවසයි.

එරට ප්‍රාන්ත 29ට අදාළ පොලිස් මූලාස්ථාන වලට රටේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණක් හදුනා ගැනීමේ පහසුකම හා ඒ අනුව අදාල පුද්ගලයාගේ දත්තයන් හදුනා ගැනීම සදහා එක්ම පද්ධතියක් නිරමාණය කිරීම අරමුණු කර ඇත.

සී සී ටී වී තාක්ෂණය භාවිත කිරීම මගින් වාර්ථාවන අපරාධ සහ පැහැර ගැනීම් වලදී ඉතා ඉක්මණින් පුද්ගලයින් හදුනා ගැනීමට හැකිවීමද මෙම ව්‍යාපෘතියේ එකි ක්‍රියාවලියකි

ඉන්දියාවෙි ග්‍රාමීය ප්‍රදෙශ වලින් වාර්ථා වන අපරාධ සංඛ්‍යාව ලෝකයේ අන් සියළු රටවලට වඩා ඉහළ අගයක් ගනී එමෙන්ම කාන්තා පැහැර ගැනීම් සහ ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් සිදුවන රට වන්නේද ඉන්දියාවයි.

2016 වසරෙදී ඉන්දියාව් ප්‍රධාන නගර 19ක පමණක් පුද්ගලයින් 100000ට අපරාධ 709.1 වාර්ථා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි