×

ඉන්දියාවේ ප්‍රශ්න පත්‍ර වංචාව

ඉන්දියාවේ විරැකියා අනුපාතය 2022 දෙසැම්බරයේ දී 8% දක්වා ඉහළ ගොස් ඇත.


රාජස්ථාන්හි රජයේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන 1,193 ක මිලියන සංඛ්‍යාත සිසුන් විභාගයට පෙනී සිටීමට පැය කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇති බව වාර්තා වේ.

මෙම වංචාව සම්බන්ධයෙන් පුද්ගලයින් 48 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, විභාග ක්‍රියාවලිය ද අවලංගු කර තිබේ. මෙම සිදුවීම රජයේ තීරණාත්මක විභාග සඳහා ප්‍රශ්න පත්‍ර පිටවීම හෝ මුදල් වෙනුවට විසඳන වංචා මාලාවක නවතම සිදුවීම විය. අපේක්ෂා කරන සිසුන් පවසන්නේ ප්‍රමාදයන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය නැති වී යාමට පටන් ගෙන ඇති බවත්ය.

මෙම ගැටලුව රාජස්ථානයට පමණක් ආවේණික කරුණක් නොවන අතර බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ද විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිළිබඳව වඩාත් ජනප්‍රිය වේ. මිලියන ගණනක් රැකියා විරහිතව සහ සුරක්ෂිත රැකියා සොයමින් සිටින ඉන්දියාව පුරා විභාග කාන්දුවීම් සුලභ වේ. දේශපාලන විද්‍යාඥ පන්කජ් කුමාර් පවසන්නේ “එය මිනිසුන් මංමුලා කරන රජයේ තනතුරක් සඳහා වූ උන්මාදයක්” බවයි.

විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා සඳහා මහත් ආශාවක් දක්වන ඉන්දියාවේ, අපේක්ෂකයන් රජයේ රැකියා වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටින බව වාර්තා වේ. බොහෝ රැකියා සොයන්නන් ස්ථානයක් සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන එක් ක්‍රමයක් නම් විභාග වංචා කිරීම, ප්‍රශ්න පත්‍ර මිලදී ගැනීම හෝ තමන් වෙනුවෙන් වෙනත් අයෙකුට විභාගය ලිවීමට මුදල් ගෙවීම ආදිය සිදු කරනු ලැබේ.

ඉන්දීය ආර්ථිකය නිරීක්ෂණ මධ්‍යස්ථානයට (CMIE) අනුව, ඉන්දියාවේ විරැකියා අනුපාතය 2022 දෙසැම්බරයේ දී 8% දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ මිලියන 20කට ආසන්න ජනතාවක් ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු විසින් සේවයේ යොදවා ඇති අතර, මේ වන විට අවම වශයෙන් තවත් රැකියා මිලියනයක්වත් හිස්ව පවතින බව නිලධාරීන් ගණන් බලා ඇත.
ලිබරල්කරණයෙන් වසර 30කට පසුවත්, ඉන්දියාවට එහි ජනගහනයට ප්‍රමාණවත් රැකියා නොමැත, එය බිලියන 1.4 කට ආසන්න වේ. එහි ශ්‍රම බලකායෙන් හතරෙන් තුනක් කිසිදු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් නොමැතිව ස්වයං රැකියා කරන තත්වයකට පත්ව තිබේ. එබැවින් රජයේ රැකියා වෙනුවෙන් පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යනු පෙනේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි