×

රුසියානු මිසයිල පද්ධතියක් සඳහා ඉන්දියාව අත්තිකාරම් මුදලක් ගෙවයි!

මෙම ගිවිසුම 2025 වර්ෂයේදී අත්සන් තැබීමට නියමිතය.


රුසියාවේ එස් -400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබේ.

රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙකී මිසයිල පද්ධතිය ලබා දීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා මේ වන විට දියත් වෙමින් පවතින බවත්, 2025 වර්ෂය වන විට අදාල ගිවිසුමක් ද අත්සන් කරනු ඇති බවට චෙමෙසොව් මහතා අදහස් දැක්වීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි