×

කාශ්මීර කැරළි කණ්ඩායම් සිටින පාකිස්ථාන ප්‍රදේශ වලට ඉන්දියාවෙන් ගුවන් ප්‍රහාර

ප්‍රහාරයෙන් කැරළි කණ්ඩායම් සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි ඉන්දියාව පවසයි.


දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින කාශ්මීර අර්බුදය තවත් උණුසුම් කරමින් ඉන්දියාව පකිස්ථානයට අයත් ප්‍රදේශ වල සිටින කාශ්මීර කැරළි කණ්ඩායම් වෙත ගුවනින් පහර දීමට ආරම්භ කළ බව ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දියාවේ ඉහළ රාජ්‍ය ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ බලකොට් ප්‍රදේශයේ සිටින ජයිෂ් ඊ මුහම්මද් කැරළි කණ්ඩායම ඉලක්ක කර ගනිමින් මෙම පහර දීම සිදු කළ බවයි. තම රටට අයත් භූමි ප්‍රදේශයකට මෙසේ ගුවනින් ප්‍රහාර එල්ල කිරීම පාකිස්ථානය විසින් හෙළා දැක ඇත.

දකුණු ආසියාවට අයත් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනක් වන පාකිස්ථානය සහ ඉන්දියාව අතර උග්‍ර වන මෙම අර්බුදය සුළු කොට තැකිය නොහැකි තත්ත්වයක් බව ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහසයි.

මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පසුගියදා ඉන්දීය ආරක්ෂක අංශයේ 40 දෙනෙකු වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කැරළි කරුවන් විසින් එල්ල කරන ලදී,

ඒ අනුව ඉන්දියාව විසින් පවසන්නේ මෙවැනි කැරළි කණ්ඩායම් වෙත පාකිස්ථානය තුළ ක්‍රියාත්මක වන්නට එරට විසින් ඉඩ දී තිබීම වරදක් බවයි. ඉන්දියාවට අනුව පසුගියදා එල්ල වූ ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයද භාර ගත යුතුව ඇත.

අද ඉන්දියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර අන්තර්ජාතික දේශ සීමාවන් ලෙස තවමත් නම් කර නොමැති ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින හමුදාමය පාලනයක් ඇති de facto border නමින් හසුන්වන දේශ සීමාව වෙත ඉන්දියාව විසින් ප්‍රහාර එල්ල කර ඇත. 1971 වසරේ දෙරට අතර පැවති යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස තවමත් දෙරටම පාලනය නිශ්චිත ලෙසම සදහන් නොමැති මෙම දේශ සීමා කලාපයේ අයිතිය වෙනුවෙන් දෙරට සටන් කරනු ලබයි.

ඉන්දියාන් විදේශ කටයුතු ලේකම් විජය ගෝක්ලේ ප්‍රකාශ කර ඇත්තේ තමන් අද එල්ල කළ පහාර වලින් කැරළි නායකයින්ද ඇතුළු කණ්ඩායම් සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි. එමෙන්ම සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් මරණයට පත් නොවූ බවත් ඔහු ප්‍රකාශ කරන ලදී,
කාශ්මීර කැරළි කණ්ඩායම් විසින් පුලුවාමා ප්‍රහාරයට අමතරව ඉදිරියේදී තවත් ප්‍රහාර සැළුස්ම් කර ඇති බව බුද්ධි අංශ මගින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙසේ පහාර එල්ල කරන ලද බව ඉන්දියාව ප්‍රකාශ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි