×

ලතින් ඇමරිකාවෙන් පසු කොරෝනා දැඩි අවධානම ඉන්දියාවට – මෝදි කොරෝනා සටනින් පරදියිද?

ඉන්දියාව තුළ දිනෙන් දින කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටද අහිතකර බලපෑමක් වන අතර උතුරු මුහුදු සීමාව ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණිය හැකි හෙයින් එම මුහුදු කලාපයේ නාවික හමුදා ආරක්ෂාව තර කිරීමට මෙරට රජයද කටයුතු කර ඇත.


කොරෝනා ගෝලීය අවධානම තුළ ලතින් ඇමරිකාව වැඩි ඉඩක් වෙන්කරගෙන තිබෙන පසුබිමක ආසියානු කලාපය තුළ ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් තිබේ.

ඉන්දියාව තුළ ඊයේ දිනයේදී මෙතක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එය දැක්වෙන්නේ 12881 ලෙසය.

දිල්ලිය සහ මුම්බායි දැඩි අවධානමක පසුවන අතර මුම්බායිහි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් ආසාදිතයින් 100,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

මේ වන විට රට තුළ සමස්ත ආසාදිතයින් 367000 ඉක්මවා තිබෙන අතර මරණ 12237ක් වාර්තා වී තිබෙන බව සඳහන්.

එමෙන්ම 194,000කට වැඩි පිරිසක් ද සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ඉන්දියාවේ දැඩිසත්කාර ඒකකවල පවතින උපකරණ හිඟය හා රෝහල්වල පහසුකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා අකර තිබූ අතර ඇතැම් ස්ථාන වල රෝගීන්ට තිරිසනුන්ට මෙන් සැලකිල්ලක් දක්වන බවටයි මාධ්‍ය අනාවරණ කර තිබුණේ.

ලොව කොවිඩ් 19 ආසාදිතයින් සිව් වැනියට වැඩිම රට ලෙස දැක්වෙන්නේ ද ඉන්දියාවයි.

ඉන්දියාව තුළ දිනෙන් දින කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටද අහිතකර බලපෑමක් වන අතර උතුරු මුහුදු සීමාව ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණිය හැකි හෙයින් එම මුහුදු කලාපයේ නාවික හමුදා ආරක්ෂාව තර කිරීමට මෙරට රජයද කටයුතු කර ඇත.

ASK (LNW)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි