×

සුපිරි වේගයෙන් උතුරු ඉන්දියාවේ 40 000ක් දෙනා නිරෝධායනයට

.


ඉන්දියාව මේ වන විට දින 21 සදහා වසා දමා ඇති අතර කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා විවිධ පියවර ගනිමින් සිටී, මේ අතර උතුරු පන්ජාබයේ 70 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වීමෙන් මිය යෑමත් සමග එහි ගම්මාන 20ක පුද්ගලයින් 40000 නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්ථා වේ.

අදාල පුද්ගලයා නියම කර තිබුණද ස්වයං නිරෝධායනයට ලක් නොවී ඇති අතර ඔහු හා සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඊට අදාල සම්බන්ධතා ජාලය ඔස්සේ වැඩි පිරිසකට රෝගය ආසාදනය වී ඇති බව සැළකේ. මේ වන විට ඉන්දියානුවන් 640ක් කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති අතර ඉන් 30 දෙනෙකු වාර්ථා වන්නේ පන්ජාබයෙනි.

කෙසේ වුවත් ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අනාවරණය වී ඇති සංඛ්‍යාවට වඩා මේ වන විට රෝග ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. මේ අතර ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්‍ය්‍යක් ලෙස බිලියන 1.3 ක ජනගහණයට සාපේක්ෂව ලොව අඩුම පරීක්ෂණ අනුපාතයක් ඇති රාජ්‍ය ඉන්දියාව වේ. ඒ අනුව ඉදිරියේදී වසංගතය හේතුවෙන් සිදු විය හැකි විනාශයේ ඉතා ඉහළ මට්ටම්‍ක් කරා ඉන්දියාව ළගා වනු ඇති බව විශේෂඥයින්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි