×

අසල්වැසි රට වල සරණාගතයින්ට ආගම මත පදනම්ව ඉන්දියාවෙන් පුරවැසිභාවය!

අසල් වැසි රටවල සරණාගතයින් ලෙස ජීවත් වන විවිධ ආගමික කණ්ඩායම් වලට ඉන්දියාවෙන් සහනයක්..


ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගිය සඳු (09) දින පනත් කෙටුම්පතක් ඉදිරිපත් කොට තිබේ. ඒ පකිස්තානය, බංගලිදේශය ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිටින හින්දු, සීක්, බෞද්ධ, ජෛන, පාර්සිස් සහ කිතුනු ආදී ආගම් භක්තික සරණාගතයන් හට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබා දීම සඳහායි.

මුස්ලිම් බහුතර රටවල සරණාගතයින් ලෙස ජීවත් වන මෙකී සුළුතර කණ්ඩායම් වලට විවිධ හිංසන සිදුවීමට ඉඩ ඇති බවට ඉන්දියානු රජය විශ්වාස කරයි. ඒ අනුව ඉහත කී නීති සම්පාදනය සිදු කිරීමට ඉන්දියාව උනන්දුවෙන් පසුවේ.

විවිධ ආගම් ඇදහීම මත සිදුවන වෙනස්කොට සැලකීම් පිටු දැකීම සඳහා මෙම පනත කෙටුම්පත් කොට තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත්, මෙකී නව නීතිය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය උල්ලංඝනය කිරීමට ඇති අවදානම ඉදිරියේ ඉන්දියානු රජයට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට ද සිදුවනු ඇති බවට නීති විශාරදයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි