×

ඉන්දියාවේ සාප්පු සංකීර්ණ, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට සූදානම්

සියලුම වායු සමීකරණ උපකරණවල උෂ්ණත්ව සැකසුම් ආර්ද්‍රතා මට්ටම 40% සිට 70% දක්වා 24C සිට 30C අතර පැවතීම අනිවාර්‍ය බව දන්වා ඇත.


ඉන්දියාව එළඹෙන ජුනි 8 වනදා සිට එරට සාප්පු සංකීර්ණ, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත ක්‍රීමට සූදානමින් සිටී. සාප්පු සංකීර්ණ විවෘත කළද එහි ඇති සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි වසා දමන ලෙස ඉල්ලා තිබේ.

කොමෝර්බිටීස් ඇති පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයින් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා ඇත.

හෑන්ඩ් සැනිටයිසර් හෙවත් අත් සනීපාරක්ෂක බෝතල් හෝ උපකරණ දොරටුවල තබා ඇති බව සහතික කරන ලෙසත්, දැඩි සමාජ දුරස්ථතා ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම ආයතනවලින් ඉල්ලා තිබේ.

ආගමික පූජනීය ස්ථාන නැවත විවෘත කිරීමට අවසර දී ඇති නමුත් ඒ දැඩි මාර්ගෝපදේශ සහිතවය. ආහාරයට ගත හැකි ආගමික පූජා බෙදා හැරීම, ශුද්ධ ජලය ඉසීම, පිළිම සහ ශුද්ධ පොත් ස්පර්ශ කිරීම කළ නොහැකි අතර විශාල රැස්වීම් තහනම් කර ඇත.

තවද, කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා, “පටිගත කරන ලද භක්ති සංගීතය සහ ගීත වාදනය කළ හැකි අතර, එම ගීත ගායනයට හා වාදනයට ගායනා කණ්ඩායම හෝ වාදන කණ්ඩායම් රැස් වීම තහනම්‍ ය.

අවන්හල් සහ හෝටල් සඳහා සම්මත මෙහෙයුම් ක්‍රමවේදයන්ට අනුව ආහාර පැකට් කෙලින්ම පාරිභෝගිකයින්ට භාර දිය නොහැක. සෑම විටම අදාල අවන්හල් වලින් ආහාර මිලදීගෙන පිටව යා යුතු අතර, අවන්හල තුළ ආහාර ගැනීමට අවශ්‍යම නම් ඒ සඳහා අවස්ථව ලබා දිය යුත්තේ ආසන සංඛ්‍යාවෙන් 50%ක පිරිසකටය. නිවාස බෙදා හැරීමේ කාර්ය මණ්ඩලය සහ සූපවේදීන් තාප පරීක්ෂාවට ලක් කළ යුතු බව මාර්ගෝපදේශ පවසයි.

සියලුම වායු සමීකරණ උපකරණවල උෂ්ණත්ව සැකසුම් ආර්ද්‍රතා මට්ටම 40% සිට 70% දක්වා 24C සිට 30C අතර පැවතීම අනිවාර්‍ය බව දන්වා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි