×

කාශ්මීරයට ස්වයංපාලන බලතල දුන් 370 වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත්ව කරන්නට ඉන්දීය රජය සැරසේ

ප්‍රාදේශීය පාලකයින් නිවාස අඩස්සියට


නැවතත් හිස ඔසවා ඇති කාශ්මීර අර්බුදය විසින් මේ වන විට එහි සිටි සියලු දෙනා ඉන් ඉවත් කිරීම දක්වා දුර දිග ගොස් ඇත. මීට සුළු මොහොතකට පෙර ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාශ්මීරයට ලබා තිබූ විශේෂ හිමිකම් ඉවත් කරන බව ප්‍රකාශ කරන ලදී, ඒ අනුව ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්ති ප්‍රකාරව අනෙකුත් ප්‍රාන්තයන්ට නොමැති ස්වයංපාලන බලතල ලබා දී තිබූ අතර අද සිට එම වගන්තිය ඉවත් කිරීමට බව ඉන්දීය රජය විසින් පවසයි.

ඒත් සමග ඉන්දීය රජය විසින් කාශ්මීරයේ ප්‍රාදේශීය දේශපාලඥයින් සියල්ලන් නිවාස අඩස්සියේ තබා සිටින බව වාර්ථා වේ.

මේ වන විට පාසැල් පද්ධිතය පවා වසා දමා ඇති අතර ඉන්දීය රජය පවසන්නේ එහි පැවැත්වෙන හින්දූන් සහභාගී වන ආගමික උත්සවය මුල් කරගෙන ප්‍රහාර එල්ල කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කිරීමේ වෑයමක් පාකිස්ථානයට සහය වන ප්‍රාදේශීය දේශ පාලකයන්ගේ දැනුවත් බවින් යුතුව සැළසුම් කර ඇති බවයි. මෙම ආගමික උත්සවය ඉන්දීය රජය විසින් තහනම් කරනු ඇතැයි මේ වන විට විචාරකයන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි