×

මාරාන්තික ඔඩීෂා දුම්රිය අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන බව මෝඩි කියයි.

මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත්, මූලික වාර්තාවකින් පෙනී යන්නේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


පසුගිය සිකුරාදා(02) ඔඩිෂා ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 288 ක් මිය ගොස් 800 කට වැඩි පිරිසක් තුවාල ලැබූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

මේ වන විට අනතුර හා සම්බන්ධ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, සිරවී සිටි සහ තුවාල ලැබූ මගීන් සියල්ලන්ම බේරාගෙන ඇති අතර මෙය අගමැති මෝඩිලේ පෞද්ගලික අධීක්ෂණයට ලක් විය. ඔහු එම ස්ථානවලට ගොස් තුවාලකරුවන්ගේ සුවදුක් නිරීක්ෂණය කළ අතර ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවට ද පොරොන්දු විය.

මෙම සියවසේ ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස විස්තර කෙරෙන මෙම ඔඩීෂා අනතුර සලකන අතර දුම්රිය ගැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මූලික වාර්තාවකින් පෙනී යන්නේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි